මේ වෙනකොට ලෝකේ කොහේ බැලුවත් සමස්තයක් විදියට බහුතරයක් තැන්වලදී අපිට දකින්න තියෙන්නේ fake ජීවිත. ඒ විතරක් නෙවෙයි ඒ ගොඩක් දේවල් frame වෙලා අවසන්. අන්න එතකොට තමයි ගොඩක් දෙනෙක් game ගහන්න හදන්නේ. හැබැයි ඒ ගහන game ගොඩක් තම තමන්ගේ වාසියට මිසක් හැමදෙනා වෙනුවෙන්ම නෙවෙයි. ඉතින් අපි frame නොවුණු fake life වලින් මිදිලා අලුත් ජීවිතවලට අඩිය තියන්න කාලය ඇවිල්ල තියෙන්නේ. අන්න ඒක නිසා හිතට එන දේවල් හිතේම ලියල තියාගන්නේ නැතුව අද ඉඳන් පටන්ගන්න යෞවනයේ y වාරණ පිටුවට ලියල එක්වෙන්න කියල අපි ඔබට ආරාධනා කරනවා. මේ පිටුව යෞවනයට වුණත් අවුරුදු 16 ගතින් තරුණ පරම්පරාවටත් අවුරුදු 80වේ අදහස්වලින් තරුණ පරම්පරාවටත් මේ පිටුව විවෘතයි. ඉතින් ඔබේ ලිපි, නිර්මාණ පහත ලිපිනයට යොමු කරන්න.
සංස්කාරක – දිනමිණ, yවාරණ
අංක 35, ඩී.ආර්. විජයවර්ධන මාවත, ලේක්හවුස් කොළඹ