Friday, March 29, 2024
Home » සමෘද්ධි ව්‍යාපාරය දුර්වල කිරීමට රජය කටයුතු කරන්නේ නැහැ

සමෘද්ධි ව්‍යාපාරය දුර්වල කිරීමට රජය කටයුතු කරන්නේ නැහැ

by chanaka
July 20, 2023 2:04 pm 0 comment

ඉතාම විද්‍යාත්මක සැලසුම් සහගත සමෘද්ධි ව්‍යාපාරය දුර්වල කිරීමට හා අඩපණ කිරීමට රජය කටයුතු නොකරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ සමෘද්ධි ව්‍යාපාරය මෙතරම් සාර්ථක කිරීමට සමෘද්ධි නිළධාරීන්ගෙන් නොමඳ සහයක් ලැබෙන බවයි.

2022-2024 අධ්‍යයන වර්ෂයන්ට අදාළව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ පෙළ විභාගය හදාරන සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයට අද (20) සහභාගී වෙමිනි.

එහිදී සමෟද්ධි ප්‍රතිලාභී පවුල්වල සිසු සිසුවියන් 192කු සඳහා මාසිකව රුපියල් 1500 බැවින් ශිෂ්‍යත්ව ලබා දෙනු ලැබිණ.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති එම උත්සවය සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

චන්ද්‍රිකා මැතිණියගේ සමයේදී සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කළේ රටේ දුප්පත්කම නැති කරන්නයි. ඊට පසුව බලයට පත්වුණ සෑම රජයක්ම සමෘද්ධි ව්‍යාපාරය ඉතාම ශක්තිමත්ව අඛණ්ඩය ඉදිරියට කරගෙන ගියා. සමෘද්ධි ව්‍යාපාරයේ ඒකායන අපේක්ෂාව ජනතාව ඉතිරි කිරීම්වලට පොළඹවා නව ස්ථිර ආදායම් මාර්ග විශේෂයෙන්ම ස්වයං රැකියා ජනිත කොට දුප්පත් ජනතාව ස්වශක්තියෙන් නැගී සිටීමට ධෛර්යවත් කිරීමයි. බලයට පත්වුණ සෑම රජයක්ම නිදහස් සෞඛ්‍යයට, නිදහස් අධ්‍යාපනයට මෙන්ම සමෘද්ධි ව්‍යාපාරයටත් ඉතා විශාල මුදලක් වැය කරනවා.

මේ වනවිට සමෘද්ධි ව්‍යාපාරය බැංකු ක්‍රමයක් දක්වාම වර්ධනය වෙලා තිබෙනවා. සමෘද්ධිලාභී පවුවල ජන ජීවිතය නැංවීමට හා එම පවුල්වල සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය මේ වනවිට ඉතා විශාල සහයක් දක්වනවා.

ජන ජීවිතයට තව තවත් ශක්තියක් ලබාදෙමින් අභියෝග හමුවේත් සමෘද්ධි ව්‍යාපාරය ඉදිරයත් පවත්වාගෙන යෑමට රජය කටයුතු කරනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT