ගිනි කෙළි භාවිතයේදී විමසිලිමත් වන්න | දිනමිණ

ගිනි කෙළි භාවිතයේදී විමසිලිමත් වන්න

අද මධ්‍යම රාත්‍රියෙන් උදාවන නත්තල සැමරීමට මෙරට කිතුනු බැතිමතුන් මේ වන විට සුදානමින් පසුවෙති.

අගරදගුරු මැදුර, කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ නත්තලේ අසිරිය සැබෑ ලෙස විඳ ගැනීමට නම් එය අන් අයට හිරිහැරයක් නොවන ලෙස සමරන ලෙසයි.

මේ අතර, නත්තල උදාවත් සමග ගිණිකෙළි භාවිතයේදි විමසිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

එමෙන්ම නත්තල වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා මේ වන විටත් ක්‍රියාත්මක වනඅ අතර අද සහ හෙට දිනයේදී අතිරේක දුම්රිය සේවාවන් ද ක්‍රියාත්මක බව දුම්රිය පාලක මැදිරිය සදහන් කලේය.

විශේෂයෙන් හලාවත සිට පානදුර දක්වා විශේෂ දුම්රිය සේවා යොදවා ඇති අතර උත්සව සමයේ නගර බද ධාවනය සඳහා වැඩි බස් රථ සංඛ්‍යාවක් එක් කල බව ලංකා ගමනා මණ්ඩලය පවසයි.

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ද ක්‍රියාත්මකයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...