යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් | දිනමිණ

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්

විජයානි එදිරිසිංහ
රක්ෂණ ශ්‍රියන්ත

ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ඊයේ (12) පත්කර තිබේ.

නියෝජ්‍ය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා මේජර් ජනරාල් ඒ. කේ. එස්. පෙරේරා මහතා පත්කැර ඇත.

යුද්ධ හමුදාවේ සිදුවන උසස්වීම්වලට අනුව හිස්වන තනතුරු සඳහා ‍මේජර් ජනරාල්වරුන් සිව්දෙනකුගේ මාරුවීම් සිදුවී ඇත. මේජර් ජෙනරල් මිලින්ද පීරිස් මහතා කලක් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති තනතුර දරමින් සිටියේය.

සෙසු හමුදා නිලධාරීන්ගේ උසස්වීම් සහ මාරුවීම් පහත සඳහන් ආකාරයෙන් සිදුවී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි.

මේජර් ජනරාල් පියල් වික්‍රමරත්න ආරක්ෂක සේනා ආඥාපති (මධ්‍යම) සහ මේජර් ජනරාල් චාගි ගාල්ලගේ අධ්‍යක්ෂ ජනරාල් (‍පාබල) ලෙසය. 


නව අදහස දක්වන්න

Or log in with...