සිග්නීස් උත්තමාචාර 2015 සම්මාන උළෙල අභිමානවත්ව | දිනමිණ

සිග්නීස් උත්තමාචාර 2015 සම්මාන උළෙල අභිමානවත්ව

අනුර ප්‍රේමලාල්

මෙරට සම්මාන උළෙලවල් අතර ඉතා කීර්තිමත් ඉතිහාසයක් ඇති සිග්නීස් උත්තමාචාර 2015 සිනමා හා ටෙලි සම්මාන උළෙල 38 වතාවටත් ඉතාම අභිමානවත් අයුරන් ඉකුත් (27) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ හැටේ දශකයේ නිළි රැජිණ ලෙස අභිෂේක ලත් ප්‍රවීණ රංඟන ශිල්පිණි පුණ්‍යා හීන්දෙණිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

'සිග්නීස්' සංවිධානය කරන මෙම උත්තමාචාර උළෙල කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් පමණක් සිදුවු අතර සම්මාන ප්‍රදානයද ජාතික කතෝලික ජනසන්නිවේදන කොමසම් සභාවේ ගරු රේමන්ඩ් වික්‍රමසිංහ, සිග්නීස් උත්තමාචාර උළලේ සභාපති ගරු සිරිල් ගාමිණි හා ඕ.සි.අයි.සි. හිටපු අධ්‍යක්ෂ ගරු බෙනඩික් ජෝශප් පියතුමන්ලා හා කලාකරුවන් අතින් පමණක් සිදුවීම කාගෙත් පැසසුමට ලක්වූහ.

අභිමානවත් හා අතිඋත්කර්ෂවත් අයුරින් පැවැති මේ සිනමා හා ටෙලි සම්මාන උ‍ළලේ වේදිකාව ගම්පෙරළීයේ මහගෙදර ඉදිරිය දිස්වෙන ආකාරයට ඉතා අලංකාර‍ ලෙස නිර්මාණය කර තිබිමද කාගේත් කතාපහට ලක්වුහ. මෙහිදි වසර 2013 තිරගතවු සිනමාපට හා ටෙලිනාට්‍ය නිර්මාණ වෙනුවෙන්ද වසර 2014 ප්‍රදර්ශනය වූ චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිර්මාණ වෙනුවෙන් මෙවර සම්මාන උළලේ ඇගයිමට ලක්වු අතර 2015 සිග්නීස් සුවිශේෂි උත්තමාචාරය ප්‍රවීණ නිළි පුණ්‍යා හීන්දෙණියට ද ජීවිතයේ එකවරක් ලැබෙන සිග්නීස් ජාත්‍යාන්තර උත්තමාචාර ප්‍රණාම සම්මාන ප්‍රවීණ කලා ශිල්පීණ් හා ශිල්පිණියන්වන් ලූෂන් බුලත් සිංහල, අනෝජා වීරසිංහ, හයසින්ත් විජේරත්න, බන්දු සමරසිංහ හා ප්‍රියා සූරියසේන යන මහත්ම මහත්මීන්ට හිමිවූහ.

සිනමා සාහිත්‍ය වෙනුවෙන් පිදෙන 'සිරිල් බි. පෙරේරා අනුස්මරණ සම්මානය ප්‍රවීණ ලේඛක හා ගත්කතුවරයකුවන ඈෂ්ලි රත්නවිභූෂණ මහතාටද 'ලෙස්ලි බොතේජු අනුස්මරණ සම්මානය 'දේශීය සිනමා වංශය'ට හිමිවිය එය රචනා කළ ප්‍රවීණ සිනමා විචාරක ගාමිණි වේරගම මහතා එම සම්මානය දිනා ගත්තේය.

වසර 2013 නිර්මාණ ශීලි රංඟ කුසලතාව වෙනුවෙන් ස්වරණ සම්මානය සමනළ සංධ්වනිය සිනමා පටයේ රඟපෑ උද්දික ප්‍රේමරත්න සහ ‍යශෝධා විමධර්ම යන ශිල්පීන් දිනා ගත්හ.

වසර 2014 නිර්මාණ ශීලි රංඟ කුසලතාව වෙනුවෙන් ස්වර්ණ සම්මානය සැමිගේ කතාව සිනමාපටයේ රඟපෑ ජගත් චමිල හා තණ්හා රති රඟා සිනමාපටයේ රඟපෑ සරත් කොතලාවල යන ශිල්පීන් දිනා ගත් අතර මේ වසර සඳහා රංඟ කුසලතා වෙනුවෙන් කාන්තා සම්මානයක් ලබා දී නැත.

වසර 2014 ටෙලි සම්මාන සඳහා නිර්මාණශීලි රංඟ කුසලතා වෙනුවෙන් ස්වර්ණ සම්මාන අප්පච්චි ටෙලිනාට්‍යයේ රඟපෑ ජක්සන් ඇන්තනි මහතා හා 'චෙස්' ටෙලි නාට්‍යයේ රඟපෑ චාන්දනි සෙනෙවිරත්න මහත්මිය දිනා ගත්තේය.

වසර 2013 සජීවි සිනමාත්මක කුසලතා සහභාගිත්වය වෙනුවෙන් රජත සම්මානය බෝම්බ සහ රෝස චිත්‍රපටයේ රඟපෑ මහේන්ද්‍ර පෙරේරා දිනාගත්තේය. මෙහි වනිතා සම්මානය නිකිණි වැස්ස චිත්‍රප‍ටයේ රඟපෑ සුලෝචනා වීරසිංහ හිමි කරගත්තාය.

කුසලතා සහභාගිත්ව සම්මානය නිකිණ වැස්ස සිනමාපටයේ රඟපෑ ජගත් මනුවර්ණට හිමිවිය. මෙහි ස්වර්ණ සම්මානය සමනළ සංධ්වනියේ ර.ඟපෑ සුර්යා දයාරුවන් දිනා ගත්තේය.

නිර්මාණශීලි කලා අධ්‍යක්ෂණය ස්වර්ණ සම්මානය රොහාන් සමරදිවාකර (සමනළ සංධ්වනිය) , රජත සම්මානය උදේනි සුබෝධි (නිකිණි වැස්ස). නිර්මාණ ශීලි ශබ්ද පරිපාලනය ස්වර්ණ සම්මානය අරුණ ප්‍රියන්ත කළුආරච්චි( සමනළ සංධ්වනිය), නිර්මාණශීලි අංඟරචනය ස්වර්ණ සම්මානය ජයන්ත රණවක (නිකිණි වැස්ස) , රජත සම්මානය වසන්ත විට්ටච්චි (සමනළ සංධ්වනිය).

නිර්මාණශීලි ගායනය ස්වර්ණ සම්මානය අමරසිරි පීරිස්( සමනළ සංධ්වනිය), නිර්මාණශීලි සංගීත අධ්‍යක්ෂණය දර්ශන රුවන් දිසානායක(සමනළ සංධ්වනිය). නිර්මාණශීලි කැමරාකරණය රජත සම්මානය චන්න දේශප්‍රිය (නිකිණි වැස්ස), ස්වර්ණ සම්මානය රුවන් කොස්තා(සමනළ සංධ්වනිය). නිර්මාණශීලි සංස්කරණය ස්වර්ණ සම්මානය රවින්ද්‍ර ගුරුගේ( සමනළ සංධ්වනිය) නිර්මාණශීලි තිරරචනය ස්වර්ණ සම්මානය ජයන්ත චන්ද්‍රසිරි (සමනළ සංධ්වනිය), නිර්මාණශීලි අධ්‍යක්ෂණය ස්වර්ණ සම්මානය ජයන්ත චන්ද්‍රසිරි (සමනළ සංධ්වනිය).

වසර 2014 සජිවි සිනමාත්මක කුසලතා සහභාගිත්වය වෙනුවෙන් කුසලතා සහතිකය දයාදේව එදිරිසිංහ (තණ්හා රති රඟා), නිල්මිණි බුවනෙක(සැමිගේ කතාව) , සුලෝචනා වීරසිංහ (තණ්හා රති රඟා), රජත සම්මානය පුබුදු චතුරංඟ (පරාවර්තන), නාමල් ජයසිංහ (තණ්හා රති රඟා).

නිර්මාණශීලි කලා අධ්‍යක්ෂණය ස්වර්ණ සම්මානය වෙලේගෙදර රණසිංහ(සැමිගේ කතාව) රජත සම්මානය රොබ් ‍නේව්ස් සහ හීනටිගල ප්‍රේමදාස (තණ්හා රති රඟා), නිර්මාණශීලි ශබ්ද පරිපාලනය ස්වර්ණ සම්මානය ප්‍රවීන් ජයරත්න (සැමීගේ කතාව), රජත සම්මානය තපස් නායක් ( තණ්හා රති රඟා). නිර්මාණශීලි අංඟරචනය ස්වර්ණ සම්මානය හේමන්ත ගමගේ ( සැමිගේ කතාව), නිර්මාණශීලි කැමරාකරණය ස්වර්ණ සම්මානය රුවන් කොස්තා(සැමිගේ කතාව), රජත සම්මානය ධනුෂ්ක ගුණතිලක (තණ්හා රති රඟා) , නිර්මාණශීලි සංස්කරණය ස්වර්ණ සම්මානය හිමි කර ගත්තේ නමක් සඳහන් නොවු සැමිගේ කතාවටයි. රජත සම්මානය රවීන්ද්‍ර ගුරුගේ (තණ්හා රති රඟා) , නිර්මාණශීලි සංගීත අධ්‍යක්ෂණය රජත සම්මානය ගයාත්‍රී කේමදාස සහ අනුෂා කේමදාස ( තණ්හා රති රඟා), නිර්මාණශීලි තිරරචනය පුෂ්පකුමාර එල්ලාවල හා ප්‍රියංකර විතානච්චි( සැමිගේ කතාව) , නිර්මාණශීලි අධ්‍යක්ෂණය

ස්වර්ණ සම්මානය ප්‍රියංකර විතානච්චි ( සැමිගේ කතාව), රජත සම්මානය නිලේන්ද්‍ර දේශප්‍රිය( තණ්හා රති රඟා).

වසර 2014 ටෙලිනාට්‍ය වෙනුවෙන් මෙසේ සම්මාන ලැබුහ. ප්‍රතිභාන්විත කුසලතා මහේනද්‍ර පෙරේරා(චෙස්), ස්වර්ණ සම්මාන බිම්සරා ප්‍රේමරත්න( අප්පච්චි), ප්‍රතිභාන්විත කලා අධ්‍යක්ෂණය ස්වර්ණ සම්මාන තුසිත අත්තනායක(අප්පච්චි), ප්‍රතිභාන්විත ශබ්දපරිපාලනය පුෂ්පකුමාර ධර්මරත්න සහ වයි.එම්.වසන්ත කුමාර (සුළඟ මත මොහොතක්), ප්‍රතිභාන්විත අංඟරචනය ස්වර්ණ සම්මාන හර්ෂ මංජුල(අප්පච්චි), ප්‍රභාන්විත කැමරාකරණය ධම්මික රත්නායක (අප්පාච්චි), ප්‍රතිභාන්විත සංගීත අධ්‍යක්ෂණය ස්වර්ණ සම්මාන කසුන් කල්හාර (සුළඟ මත මොහොතක්) , ප්‍රතිභාන්විත ගායනය ස්වර්ණ සම්මානය සමන් ලෙනින්( කොළඹ අහස), රජත සම්මානය නන්දා මාලනි(ගිරිකුල) ,ප්‍රභාන්විත ගීපද රචනය ස්වර්ණ සම්මාන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල(ගිරිකුල), ප්‍රභාන්විත සංස්කරණය ස්වර්ණ සම්මානරුක්මල් නිරෝෂ් (සුළඟ මත මොහොතක්),ප්‍රභාන්විත තිරරචනය ස්වර්ණ සම්මාන ප්‍රියංකර ජයරත්න(සුළඟ මත මොහොතක්) , ප්‍රභාන්විත රංග කුසලතා කුසලතා සහතිකය තිසුරි යුවතිකා (සුළඟ මත මොහොතක්), රජත සම්මානය කාංචනා මෙන්ඩිස්(ගිරිකුළ), රංඟ කුසලතා රජත ජනක් ප්‍රේමලාල්(ගිරිකුළ), කුසලතා සහතිකය සාරංග දිසාසේකර (සුළඟ මත මොහොතක්).

ප්‍රභාවිත අධ්‍යක්ෂණය ස්වර්ණ සම්මානය රුක්මල් නිරෝෂ්(සුළඟ මත මොහොතක්), රජත සම්මානය ආනන්ද අබේනායක(අප්පච්චි). යන නිර්මාණකරුවන් සිග්නීස් උත්තමාචාර ලැබූහ. මෙහිදි බුද්ධදාස ගලප්පත්ති මහතා 'ප්‍රේක්ෂකයා යළි සිනමා ශාලාවට කැඳවීමට සිංහල සිනමා කෘතියේ ආකර්ශණය කෙබඳුවය යුතුද? යන්න කෙටි දේශනයක් පැවැත්වූයේය.

ඡායාරුප සරත් පීරිස්


නව අදහස දක්වන්න

Or log in with...