බන්ධනාගාර සේවාවට නව කැබිනට් පත්‍රිකාවක් | දිනමිණ

බන්ධනාගාර සේවාවට නව කැබිනට් පත්‍රිකාවක්

බුද්ධිකා ඉඹුලාන

බන්ධනාගාර සේවාව ව්‍යවස්ථාපිත සේවාවක් බවට පත් කිරීමට සඳහා වූ කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පවසයි.

මේ ව විට ඒ සම්බන්ධයෙන් වූ කටයුතු අවසාන අදියරෙහි පවතින බව ද ධනසිංහ මහතා කියයි.

බන්ධනාගාර සේවාව සුවිශේෂි සේවාවක් බවට පත්කර එයට වැඩි අතැයීමක්මේ තුළින් ලබා දීමට හැකිවනු ඇතැයිද කොමසාරිස් ජනරාල්වරයා ‍අවධාරණය කරයි.

නිශාන් ධනසිංහ මහතා මේ බව අනාවරණය කළේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ධූරයේ වැඩභාරගැනීම නිමිත්තෙන් ඊයේ (24) බන්ධනාගාර දෙපාර්තමේන්තු මුලස්ථානයේ පැවැති උත්සවයේදීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසයේ වසර 18 කට පසු බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරියකු කොමසාරිස් ජනරාල්ධූරයට පත්වීම සනිටුහන් කරමින් නිශාන් ධනසිංහ මහතා වැඩභාරගත් අතර මෙයට පෙර ඒ මහතා වසර 06ක් බන්ධනාගාර කොමසාරිස් ධූරයෙහි කටයුතු කළේය.

නව තනතුරෙහි වැඩභාරගනිමින් උත්සව සභාව ඇමැතූ ඒ මහතා මෙසේ ද අදහස් පළ කළේය.

වසර 18 කට පසුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරියකු මෙම දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුරකට පත්වීම බන්ධනාගාරයේ පහළ සේවකයාගේ සිට ඉහළම නිලධාරියා දක්වා එකසේ අනුමත කළා .ඒ නිසා මේ තනතුර පෞද්ගලිකව මා ලද ජයග්‍රහණයක් නොව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ලත් ජයග්‍රහණයක්.ජනාධිපතිතුමන්, අගමැති තුමන් මෙන්ම බන්ධනාගාර කටයුතු භාරව කටයුතු කරන ස්වාමිනාදන් ඇමැති තුමත් යහපාලන රජයක ස්වභාවය ඉස්මතු කරමින් මගේ පත්වීම අනුමත කළා.එය බන්ධනාගාර දෙපාර්තමේන්තුව ලත් ජයක්.පසුගිය කාලයේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මතභේදයට තුඩු දුන් දෙපාර්තමේන්තුවක් වුණා . මේ තත්ත්වය දුරලා බන්ධනාගාර නිලධාරියාට සමාජයේ පිළිගැනීමක් ඇතිකර එම දෙපාර්තමේන්තුව ඉතා ශක්තිමත් දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීම මගේ අරමුණයි.

බන්ධනාගාරදෙපාර්තමේන්තවෙ පසුගිය කාලයේ යම් පසු බැමකට ලක්වීමට හේතුව ලෙස මා දකින්නේ නිලධාරීන්ගේ එකමුතු කම නැතිවීමයි.නිලධාරින් සැක කර, කොන් කර, භේද භින්න වී මේ දෙපාර්තමේන්තුවේ දියුණුව දකින්න අපට අමාරුයි.මේ දෙපාර්තමේන්තුව තමන්ගේය යන අභීමානය ගොඩනැ‍ඟීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවැරදි මාවතට යොමු වීමේ එක් මං සලකුණක්.පසුගිය කාලයේ දෙපාර්තමේන්තුවේ පිල් බෙදීම, පිටස්තර පුද්ගලයන් මෙම දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුරුවලට පත්වීම, කොමසාරිස් ජනරාල්තනතුරෙහි බලය විමධ්‍ය ගත නොකිරීම අආදී හේතූන් නිසා එහි යමු පිරිහීමක් දක්නට ලැබුණා.

බන්ධනාගාර ගත වන සියලුම දෙනා හොරුන් වරදකරුවන් නොවෙයි.බන්ධනාගාර ගතවන අය පුනරුත්ථාපන කර යහපත් පුරවැසියන් බවට පත් කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වගකීමයි.බන්ධනාගාර නිලධාරීන් ට පුශ්න තිබෙනවා .ඒවා විසදන්නට ඉදිරි කාලයේ දී මා වැඩපිළිවෙළක් හදනවා .වැරදි කරන නිලධාරින්ගේතරාතිරම කුමක් වුවත් ඔවුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරිමට මා පසු බට වන්නේ නැහැ.බන්ධනාගාර සේවාව තුළ ශ්‍රේණී බෙදීම අධීකයි.මේ ශ්‍රේණී සම්පිණ්ඩනය කරන්නට අවධානය යොමු කර තිබෙනවා.

මගේනව තනතුර සමඟ බන්ධනාගාරයේ නිසිම නිලධාරියකුට මාරුවීම් නැහැ..බන්ධනාගාරයේ ඔළු මාරු කිරීම නොව ඔළු හැදීමයි මගේ අරමුණ.අප දෙපාර්තමේන්තුවේ අඩුපාඩු පෙන්වා දෙන ලෙස මා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා.එය අප දෙපාර්තමේන්තුවට නිවැරදි ගමනක් යන්නට අත්වැලක් වනු ඇතැයි මගේ විශ්වාසයයි.

මේහි දී බන්ධනාගාර කොමසාරිස් තිස්ස ජයසිංහ, බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා මහත්වරුද අදහස් දැක්වූහ

මේ අවස්ථාවට පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් එම්.එම්.නයුමුදීන්, හිටපු බන්ධනාගාර කෙමසාරිස් ජනරාල්වරුන් වන එච්.ජී.ධර්මදාස, උපාලි සමරවීර, හිටපු බන්ධනාගාර කොමසාරිස් සී.ටී.ජෑන්ස්, බන්ධනාගාර කොමසාරිස් වරුන් වන වෙනුර ගුණවර්ධන, ලක්ෂ්මන් අබේගුණවර්ධන, තිස්ස ජයසිංහ මහත්වරු සහ බන්ධනාගාර අධිකාරීවරු කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය වරු, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුහුද එක්වූහ.


නව අදහස දක්වන්න

Or log in with...