ලිංග භේදය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට විසඳුම්

අනුර ප්‍රේමලාල්
චමීර ඇල්ලදෙණිය

 මේ රටේ ළමා හා කාන්තා පරපුර ආරක්ෂා කිරීම සඳහා විධිමත් ලෙස සකස් වු නීති රාමුවක් අවශ්‍ය බව හිටපු ඇමතිවරියක් වු රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය මේ බව සඳහන් කළේ ඉකුත්(4දා) ඒ.ඕ.ඩි. උසස් අධ්‍යාපන ආයතනයේ සිසු සිසුවියන් සංවිධාන කළ ''ලිංග භේදය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට විසඳුම් සොයමු'' යන්න ප්‍රදර්ශනය කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේ දී විවෘත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්ය.

මෙහි දී වැඩිදුරටත් කතා කළ ඒ මහත්මිය, තරුණ පරපුර මේ ගැන අවධානයක් යොමු කර ති‍බීම අගනා කටයුත්තක් බව පෙන්වා දුන්‍නාය. ඉකුත් වසර හතරේ දී මෙරට කාන්තාවන්ට එරෙහිව අපරාධ තිස්නවදහස් හයසිය හතරක් ද,ළමුන්ට එරෙහිව සිදු වු අපරාධ ප්‍රමාණය තිස්දෙදහස් දෙසියපනස් නවයක් ද වේ. මේ සිරගතවු සංඛ්‍යාව හත්සිය දහතුනක් බව ද ඇය අනාවරණය කළාය.

ඒ අනුම අල්ජසිරා සඟරාව පෙන්වාදෙන ආකාරයට ඉකුත් වසරේ දී මෙරට කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි අපරාධ 20%කින් වැඩිවි තිබෙන බව කීවාය. මෙවැනි කටයුත්තකට අත ගැසීමෙන් අපේ රටේ තරුණ පරපුරේ මානවවාදි බව හොඳින් පිළිබිඹුවන බව ඒ මහත්මය වැඩිදුරටත් පැවසුවාය.

මී‍ට අමතරව මෙහි දැක්වුණු කරුණු අතර මේවාද කියැවිණි. ලිංග ‍භේදය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය වර්තමානයේ ලොවපුරා පැවැත්වෙන සමාජ ගැටලුවකී. ශ්‍රී ලංකවේ පවතින සමාජරාමුව සහ ඉකුත් සමයේ පැවති අර්බුදකාරි පළාත්වල මේ තත්ත්ව පැවැත්වීණි.

ඊට හේතුව අප සමජයේ මේ පිළිබඳ තිබෙන දැනුම අඩුවීම, අධ්‍යාපනය අඩුවීම, කතීකාවක් ගොඩනොනැංවීම කරුණුයි. මෙහි තිබෙන වැදගත්කම නිසාම දැන් දැන් දැනුවත් කිරීම වැඩිවෙමින් තිබේ. එබැවින් ඒ.ඕ.ඩි. උසස් අධ්‍යාපන ආයතනය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එක්ව ව්‍යාපෘතියක් ආරම්භ කරමින් මේ ගැන හඬක් නැංවීමේ පියවරක් ලෙස මේ ප්‍රදර්ශනය සංවිධාන කර ඇත.

මේ මගින් දැනුවත් කිරීම හා ඊට විසඳුම් සෙවීමට කටයුතු කරන්න මේ තරුණ පිරිස යහපත් ප්‍රවේශයක් මේ ප්‍රදර්ශනයක් ලබාගෙන තිබෙන බවට මේ අවස්ථාවට එක්වු විද්වත්හු පෙන්වාදුන්හ.

ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද යන්න අර්ථ දක්වන මොවුන් පෙන්වාදෙන්නේ ලිංග භේදය පදනම් කරගෙන කෙනෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමයි.

මේ සම්බන්ධව විවෘත සාකච්ඡාවක් , අධ්‍යාපනයක්,දැනුවත් බව හා සහයෝගිතාව නොමැතිවීම නිසා මේ ගැන සමාජයේ නිසි හ ඳුනාගැනීමක් තවම නැත. ඒ හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් නොලැබි යන බව කිසිවෙකු නොදනී.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ප්‍රකාශයක් කරමින් තරුණ අයගේ නව අදහස් ඔ‍ස්සේ මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට හැකි උපරිම ශක්තිය යොදන බව පවසයි.

මෙහිදි ඒ.ඕ.ඩි. උසස් අධ්‍යාපන ආයතනයේ විදුහල්පති කැරන් මැක්ලව්ඩ් මහත්මිය හා අධ්‍යක්ෂ ජනරාල් ලින්ඩා ස්පෙල්ඩවින්ඩ් මහත්මියද ව්‍යාපෘතියේ සභාපති සසංක එදිරිසිංහ සිසුවා ද අදහස් දැක්වූහ.


අදහස් 1ක් ඇත

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...