රිය අනතුරක් සිදුකළ මන්ත්‍රී විජයදාසගේ පුත්‍රයා අත්අඩංගුවට | දිනමිණ

රිය අනතුරක් සිදුකළ මන්ත්‍රී විජයදාසගේ පුත්‍රයා අත්අඩංගුවට

වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරකින් පසු පලා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
 
මන්ත්‍රී පුත්‍රයා පැදවූ මෝටර් රථය ඊයේ(19) රාත්‍රී 10.45 පමණ වැලිකඩ දී මෝටර් රථයක ගැටී ඇති අතර එම අනතුරින් ගැබිනි කාන්තාවක ඇතුළු සිවු දෙනකු තුවාලබා ඇතැයි පොලිසිය සඳහන් කළේය.

නව අදහස දක්වන්න