කුරුඳුවත්ත රිය අනතුර: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ දියණියට ඇප | දිනමිණ

කුරුඳුවත්ත රිය අනතුර: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ දියණියට ඇප

කුරුඳුවත්ත ප්‍රදේශයේ මෝටර් රථ ප්‍රදර්ශනාගාරයකට බරපතළ අලාභ හානි සිදු කළ බවට අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ දියණිය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (18) නියෝග කළේය. සැකකාරියට රියදුරු බලපත්‍රයක් නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් ඇයට මෝටර් රථය ලබාදුන් තැනැත්තාටද එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.

නව අදහස දක්වන්න