අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයින්ගේ දෛනික වැඩිවීමක් | දිනමිණ

අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයින්ගේ දෛනික වැඩිවීමක්

අමෙරිකානු ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 03ක පමණ කාල සීමාවක් පමණක් වන අතර මෙම කාලසීමාවේ දී එරටින් වාර්තාවන දෛනික කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.  
 
අමෙරිකාවෙන් පසුගිය බ්‍රහස්පතින්දා කොවිඩ් -19 රෝගීන් 91,000 ක් වාර්තා වී ඇති අතර, ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ප්‍රාන්තවලින් වාර්තාවන රෝගීන් ගණන ද සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
 
එදිනම අමෙරිකානුවන් දහසකට වැඩි පිරිසක් වෛරසයෙන් මිය ගොස් ඇතැයි සදහන්වේ. එසේම රොයිටර් පුවත් සේවයට අනුව එක්සත් ජනපදයේ දෛනික මරණ සංඛ්‍යාව 1,000 ඉක්මවා ගිය තුන්වන අවස්ථාව මෙයයි.
 
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව එක්සත් ජනපදයේ මුළු රෝගීන් ගණන මිලියන නවයකට වඩා වාර්තා වී තිබේ.
 

නව අදහස දක්වන්න