මෙරට 20 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි | දිනමිණ

මෙරට 20 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

මෙරට 20 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි
 
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි
 
මෙම කාන්තාව 54 වැනි වියේ පසුවන බව ද වාර්තා වෙයි
 
ඊයේ (30) මෙම කාන්තාව මියගොස් ඇති අතර ඇයට කොවිඩ් වැළඳී ඇති බව අද දිනයේ තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි

නව අදහස දක්වන්න