බස්නාහිර පළාතෙන් ගිය අය දින 14ක් නිරෝධායනයට | දිනමිණ

බස්නාහිර පළාතෙන් ගිය අය දින 14ක් නිරෝධායනයට

ඉකුත් 29 සහ 30 දෙදින තුළ බස්නාහිර පළාතෙන් බැහැරට ගිය පුද්ගලයින්ව, දැනට ඔවුන් රැඳී සිටින ස්ථානයේදීම දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. 
 
මෙය ඔවුන්ට දඩුවමක් ලෙස පනවන ලබන දෙයක් නොවන බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
 
එසේම ෆේස්බුක් හා අන්තර් ජාලය හරහා ඇතැම් අය බස්නාහිර පළාතෙන් වෙනත් ප්‍රදේශවලට ගිය බවට සිදු කර ඇති ප්‍රකාශයන් සම්බන්ධයෙන් අන්තර් ජාලය හරහා තාක්‍ෂණික මෙහෙයුමක් සිදු කර එම පිරිස් සොයා ගැනීමට ද පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

නව අදහස දක්වන්න