අනුන්ගේ ඇරියස්වලට පව් ගෙවන තාරුණ්‍යය | දිනමිණ

අනුන්ගේ ඇරියස්වලට පව් ගෙවන තාරුණ්‍යය

ලෝකයේ ගොඩාක් මින්ස්සු ආසයි තමන්ගෙ ජීවිතේ මඟ හැරුණු අතපසු වුණු සමහර දේවල් මිය යෑමට මත්තෙන් හෝ විඳින්න නැති නම් ලබාගන්න. සමහර විට ඒ දේවල් ඔවුන් පසුකාලීනව ලබා ගැනීමට හෝ විඳීමට උත්සාහ දරන්නේ සමාජය ගැන නොසිතා හෝ අනාගත පරපුර ගැන නොසිතා වීමට පුළුවන්. ඇරියස් කවර් කරන්න සිදු කරන හැමදේම රටකට සමාජයකට හැමවිටම සුදුසුද යන්න සලකා බැලිය යුතු කරුනක්. ඇරියස් කවර් කරගන්න පුරුදු පුහුණු වී සිටින පුද්ගලයන්ගේ මුල්ම ගොදුර තරුණ පිරිසයි. ඔවුන් මුල් කර ගනිමින් සිදු කරන ඇතැම් දේවල් සමාජයේ බොහෝ වෙලාවට විවේචනයට ලක් වන නමුත් තරුණ පිරිස් අතරෙහි එය ට්‍රෙන්ඩ් එකක් වීම සාමාන්‍ය වී තිබෙනවා. ලාංකික සංස්කෘතිය හෑල්ලුවට ලක් කරමින් බටහිර සංස්කෘතියෙහි අගති දායක කොටස් පමණක් තරුණ ප්‍රජාවට බෝ කරන්නට උත්සාහ දරන ප්‍රසිද්ධ පුද්ගලයන් සමාජ ජාලා හරහා සෑම විටම දකින්න පුලුවන්. සමහරවිට එයට වගකිව යුතු පුද්ගලයින්ගේ තිබෙන්නෙ ජීවිතේ එක්තරා තැනක ඔවුන්ට මග හැරුනු තැනක් විය හැකියි. එහෙත් ඔහු හෝ ඇය එය විදින්නේ තරුණ තරුනියන් හා එක්ව, තරුණ ප්‍රජාවගේ සිත් ඇදගත් මාතෘකාවන් මුල් කරගනිමින් සිදු කරන යම් යම් වැඩසටහන් මාරගයෙන් විය හැකියි. නමුත් ඔබ දැක තිබේද එවැනි තැනකට ඔහුගේ හෝ ඇයගේ පුතෙකු, දුවකු, භාර්‍යාව හෝ සැමියා කැදවා තිබෙනවාද යන්න. ඔවුන් සෑම විටම තම පවුලෙහි සැමියාගේ පියාගේ හෝ මවගේ හෝ භාර්‍යාවගේ චරිතය හොදින් රග දක්වා සමාජයේ තරුණ තරුණියන් කෙරෙහි ලබා දෙන්නේ වැරදි පූර්වාදර්ශ. බහුතරයක් පිරිස සමාජයේ වැදගත් භූමිකාවන් රග දක්වන අයවලුන් වෙති. නමුත් විවාහ ජීවිතේ සැමියා හා බිරියගේ සම්බන්දතාවය අතින් ඔවුන් දුර්වලයින් වියහැකියි. එම නිසා ඒ මඟ හැරුණු තැන් ඔවුන් සංසිදුවා ගන්නෙ ඔවුන්ගේ දරුවන්ගෙ වයසෙහි තරුණ දැරියන් හා මිත්‍ර වීමෙන් හා සම්බන්දතා පැවැත්වීමෙනි. එහෙත් ඔවුන් පියෙකුගේ භූමිකව ඉතා හොඳින් රග දක්වන්නේ තමාගේ දරුවන්ගේ වයසෙහි තරුනියන්ගේ ජිවිතේ විනාශ කරමිනි.

තරුණ පිරිස් සෑම විටම ෆැන්ටසිය කෙරෙහි ඉතා ඉක්මනින් බැ‍ෙඳන සුලු වීම සාමාන්‍යයි. නමුත් එය යථාර්තයේදී කොතරම් දුරට ගැළපෙනවාද යන්න සිතිය යුතුය.

බොහො පුද්ගලයින්ගෙ ඇරියස් කවර් කිරීම උදෙසා භාවිතා කරන එකම හා සංවේදි ප්‍රබලතම මාතෘකාව වන්නේ කලාව. එය සභ්‍ය මාතෘකාවක් වුවත් අසභ්‍ය ලෙස තරුණ තරුණයන් උදෙසා පිදීමට ඔවුන් සෑම විටම සුදානම්. එහෙත් මෙය තරුණ ප්‍රජාව උදෙසා ප්‍රචලිත කරන්නෙ සමාජය පිළිගත් පුද්ගලයකු නිසාම එය තරුණ තරුණයන් ඉතාමත් ඉක්මන් පිළිගැනීමකට ලක්වීමේ ප්‍රවනතාවය ඉතාමත් ඉහලය. එහෙත් මෙහි වැරැද්ද දකින ඇතැමුන් විවේචනයට ලක් කරන්නටත් අදධර්‍ය්‍යට ලක් කරන්නටත් පිළිගන්නා පාර්ශවය ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වීම ඇරියස් කවර් කරගන්නාගේ ශක්තිය වී තිබෙන බව හොඳින්ම දැක ගත හැකි කරුණක්.

එක් පුද්ගලයකුගේ ස්වාර්ත්‍ය උදෙසා සිදු කරන ඇතැම් දේවල් තරුණ සමාජය විනාශය කරා ගෙන යෑමකට ලකව තිබෙනවා. තරුණ ප්‍රජාව ලෙස මීට වඩා වගකීමකින් යුතුව කටයුතු කිරීම අප සතු යුතුකමක්. කලාව දේශපාලනය වැනි අති සංවේදී කාරණාවලදී ඇරියස් කවර් කරන්නන්ට හසු නොවීම කල යුත්තක්. තරුණ ප්‍රජාව ලෙස නිවහල්ව නොබියව තීරණ ගැනිම ඉහත සංවේදී මාතෘකාවලදි අනිවාර්‍යයෙන් සිදු කළ යුතු කරුනක්. කියන්නා කෙසේ කීවත් අසන්නා සෑමවිටම සිහි බුද්ධියෙන් ඇසිය යුතු බව මතකයේ තබා ගත යුතු වුවද වර්තමාන සමාජයේ බොහෝ පිරිස් මෙය හරියාකාරව සිදුකරනවාද යන්න සැක සහිත බව පෙනී යන කරුණු කාරණා එමට ඇත. අප සෑම විටම සමාජ මාද්‍ය ඔස්සේ පමණක් කියවීමක් දකින තරුණ පරම් පරාවක් නොවී එය සබුද්ධිකව දැකීමට පුරුදු වීමෙන් රටෙහි අනාගතයත් අපේ අනාගතයත් රැක ගැනීමට හැකි බව සිහියට ගත ‍යුතු බව සිතට ගත යුතුය.

 

 හෂාන් අනුරාධ

නව අදහස දක්වන්න