20 ගැන විවාදය 21-22 | දිනමිණ

20 ගැන විවාදය 21-22

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය 21, 22 දින දෙකක විවාදයක් ලෙස පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී ඊයේ (16) තීරණය කර ඇත.

ඒ අනුව 21, 22 යන දිනවල පෙරවරු 10.30 සිට සවස 7.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතය.

විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව සංශෝධන ඉදිරිපත් කිරීම 22 වැනිදා සවස 7.30න් පසුව සිදු කෙරෙන අතර, එම සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසුව ඡන්ද විමසීම සිදු කෙරේ. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පවත්වන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (16) පැවැත්විණ. එම විශේෂ පක්ෂ නායක රැස්වීමේදී විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ‍පනත් කෙටුම්පත පිළිබඳ විවාදය දින දෙකක විවාදයක් ලෙස පැවැත්වීමට තීරණය කර ඇත.

 

 

ස්වර්ණා විජේකෝන්

නව අදහස දක්වන්න