පත්මසිරි ප්‍රනාන්දුගේ රට වටා පාපැදි ගමන සාර්ථකව නිම වෙයි | දිනමිණ

පත්මසිරි ප්‍රනාන්දුගේ රට වටා පාපැදි ගමන සාර්ථකව නිම වෙයි

අන්තර්ජාතික වැඩිහිටි දිනය නිමිත්තෙන් හා ජාතික සමගිය ඇති කිරීමේ අරමුණින් දින 9ක් පුරා රට වටා පාපැදි සවාරියක නිරත වූ ඌරපොළ ලියනගෙවත්තේ 73 හැවිරිදි පත්මසිරි ප්‍රනාන්දු වැඩිහිටි දිනයේ නැවතත් සිය ගම් පියසට ළඟා විය. පසුගිය සැප්තැම්බර් 23 වැනිදා කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියෙන් ආරම්භ කළ මේ පාපැදි සවාරිය දින 9ක් පුරා පැවැත්විණි. සාර්ථකව පාපැදි සවාරිය නිමාවට පත් කළ පත්මසිරි ප්‍රනාන්දු පිළිගැනීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් චින්තක අබේවික්‍රම, දකුණු පළාත් ආඥාපති කීර්ති කෝට්ටවත්ත යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

සටහන සහ ඡායාරූපය - දෙයියන්දර සමූහ තමරසිරි විජේසේකර

නව අදහස දක්වන්න