නවීන පුස්තකාල බවට පත් වන භාවිතයෙන් ඉවත ලූ බස් රථ | දිනමිණ

නවීන පුස්තකාල බවට පත් වන භාවිතයෙන් ඉවත ලූ බස් රථ

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල්, මනුසත් දෙරණ සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) ඉවත් කරන ලද බස් රථ 25ක් නවීන හා අංග සම්පූර්ණ පුස්තකාල බවට පරිවර්තනය කිරීමට සමත් වී ඇත. මේ පුස්තකාල බස් රථවල කියැවීමේ පහසුකම්, වයිෆයි සම්බන්ධතාව සහ තොරතුරු ලෝකය සමඟ සම්බන්ධ වීමට දරුවන්ට හැකි වන පරිදි ආධාරක පද්ධති අඩංගු වේ. මේ පුස්තකාල ඉගෙනුම් මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කරන අතර, එමඟින් අධ්‍යාපන සම්පත් අඩු සිසුන්ට සමාන අවස්ථා ලබා දෙන අතර, කියැවීමේ වැදගත් පුරුද්ද ඇති කිරීමට ද උපකාරී වේ. ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය හා ශ්‍රී ලංකා ටෙලිකොම් සමඟ එක්ව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලදි. දිවයින පුරා ග්‍රාමීය පාසල් 25ක් සවිබල ගැන්වීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය මේ නවීකරණය කරන ලද බස් රථ පුස්තකාල බවට පරිවර්තනය කිරීමේ ජාතික ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිය කෙරෙහි අවධානය යොමු කළේය.

පළමු බස් රථ පහ භාරදීම සනිටුහන් කළ උත්සවය පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, SLT සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා, SLT ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එම්. බී. පී. ෆර්නැන්ඩස්, SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක, මොබිටෙල් ආයතනයේ ප්‍රධාන අලෙවි නිලධාරී ශශික සෙනරත් මහත්වරුද, ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් සහ ගමනාගමන මණ්ඩලයේ (SLTB) අනෙකුත් සම්භාවනීය අාරාධිතයෝ රැසක් ද සහභාගී වූහ.

නව අදහස දක්වන්න