පීපල්ස් ලීසිං විශිෂ්ටතම ආයතනික සමාජ සත්කාරක දහය අතරට | දිනමිණ

පීපල්ස් ලීසිං විශිෂ්ටතම ආයතනික සමාජ සත්කාරක දහය අතරට

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ආයතනික සමාජ වගකීම් ‘ඉයන් ඩයස් අබේසිංහ අනුස්මරණ 'JASTECA CSR/Sustainability Award – 2020' සම්මාන උ‍ෙලළේදී පසුගියදා හොඳම ආයතනික සමාජ සත්කාර 10 අතරේ ඇගයීමට ලක්විය. ‘ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමය ‘JASTECA‘ විසින් වාර්ෂිකව සංවිධාන කරන මේ සම්මාන උලෙළ 24 වැනි වරටත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ඇමැති ටොෂිහිරෝ කිතමුරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹදී පැවැත්විණි. 

ආයතනික සමාජ සත්කාරය, තිරසාරත්වය ක්ෂේත්‍රයෙහි විවිධ අංශ 10ක විශිෂ්ටත්වය උදෙසා පිරිනමන මේ ‘ඉයන් ඩයස් අබේසිංහ අනුස්මරණ 'JASTECA CSR/Sustainability Award – 2020' සම්මාන උලෙළේදී මෙවර පීපල්ස් ලීසිං සමාගම ඇගයීමට පාත්‍ර වූයේ අප රටේ මුල් ළමාවිය අධ්‍යාපනය නඟාසිටුවීමට එම සමාගම ලබාදුන් දායකත්වය වෙනුවෙනි. දරුවන්ගේ මුල් ළමාවිය අධ්‍යාපනය සඳහා පීපල්ස් ලීසිං සමාගම එම ආයෝජනය කරනුයේ දැයේ මානව සම්පතේ ගුණත්මකභාවය ඉහළ නැංවීමට පදනම මුල් ළමා වියේදී ලැබෙන බැවිනි.

නව අදහස දක්වන්න