යොවුන් කාන්තා ලෝක කුසලානයත් කල් යන ලකුණු | දිනමිණ

යොවුන් කාන්තා ලෝක කුසලානයත් කල් යන ලකුණු

වසර 2021 ජනවාරියේ බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පළමුවරට පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ ලබන මාසයේදි අවසන් තීරණයකට එළැඹීමට අයිසීසීය බලාපොරොත්තු වෙයි.

2020 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සහ 2021 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය වසර 2022 දක්වා කල් දමනු ලැබුවද යොවුන් කාන්තා ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ මෙතෙක් අයිසීසීය නිල නිවේදනයක් නිකුත් කර නැත.

නමුත් බංග්ලාදේශය ඇතුළු බොහෝ රටවල කොරෝනා වසංගය නැවත හිස එසැවීමත් සමඟ යොවුන් කාන්තා ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමේ අවදානමක් මතු වී තිබේ.

අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියක් ආරම්භ කිරීමට අයිසීසීයේ අවධානය යොමු වී ඇතැයි ප්‍රකාශයට පත්වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඩුබායි නුවර පැවැති සිව්දින සමුළුවේදීය. ඒ අනුව 2021 දී එහි පළමු තරගාවලිය බංග්ලාදේශයේ පැවැත්වීමට තීරණය වූ අතර, ඉන් පසු වසර දෙකකට වරක් යොවුන් කාන්තා ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට තීරණය විය.

නව අදහස දක්වන්න