නිව් ඩයමන්ඩ් නැවේ කපිතාන්ට එරෙහි නඩුව අද කැඳවයි | දිනමිණ

නිව් ඩයමන්ඩ් නැවේ කපිතාන්ට එරෙහි නඩුව අද කැඳවයි

සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ අධි චෝදනා දෙකක් මත නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පැවරිණි.

ග්‍රීක ජාතික තිරෝස් හිල්යාස් කර්දානි නමැති මෙම කපිතාන්වරයාට සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 26 හා 38 වගන්ති ප්‍රකාරව නීතිපතිවරයා මෙම නඩු පැවරීම සිදුකළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙණෙවිය පැවසුවාය .

2020 .09 .03 හා 2020.09.12 අතර කාලයේදී ශ්‍රී ලංකාවේ සංගමන්කන්ද තුඩුවේ සිට නැඟෙනහිර දෙසට නාවික සැතපුම් 20 ත් 62 ක් අතර දුරින් පිහිටි ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයේදී එම්.ටී නිව්ඩයමන්ඩ් නෞකාවේ කපිකාන් ලෙස කටයුතු කරමින් තෙල් මෙට්‍රික් ටොන් 400 ක් 480ත් අතර ප්‍රමානයක් ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයේ මුහුදට පිට කිරීමෙන් 2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 26 හා 38 වගන්ති යටතට ගැනෙන වරැදි සිසුකළ බවට වෙන් වෙන්ව චෝදනා දෙකක් මත කපිතාන්වරයාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතට ගැනෙන වරැදි සිදුකර ඇති බවට අනාවරණය වන බැවින් එම කපිතාන්වරයා සැකකරුවකු ලෙස නම්කර මහේස්ත්‍රාත් අධිකරණය යට ඉදිරිපත් කිරීමට නොතීසි ලබා ගැනීමට නීතිපතිවරයා රහස් පොලිස් අධ්‍යක්ෂවරයා ට පසුගිය 26 වැනිදා උපදෙස් ලබාදී තිබුණි.

ඒ අනුව අධිකරණ නොතීසි මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු කපිතාන්වරයාට විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කැර තිබුණි.

ඉදිරිපත් වූ විමර්ශනවල සම්පිණ්ඩන සැලකිල්ලට ගත් නීතිපතිවරයා විත්තිකාර කපිතාන් වරයාට නඩු පැවරීමට ප්‍රමානවත් කරුණු ඇති බවට තීරණය කරමින් අධි චෝදනා දෙකක් මත පසුගිය (08) වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පැවරීය.

 

නව අදහස දක්වන්න