මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් | දිනමිණ

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

අපේක්ෂකයා ගමන් කරන වාහනය හැර බස්රථ, ත්‍රිරෝද රථ ඇතුළු වාහනවල අලවා ඇති අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවා ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසන් සභාව පොලීසියට උපදෙස් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එවැනි වාහනවල පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර් , බැනර් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී ඇති බවයි.

තරග කරන අපේක්ෂකයා ගමන් කරන පෞද්ගලික වාහනයේ හැර වෙනත් කිසිදු වාහනයක එවැනි ආකාරයේ පෝස්ටර් හෝ බැනර් ප්‍රදර්ශනය කිරීම මැතිවරණ පනතට අනුව වරදක් බව ද මැතිවරණ කොමිසම පවසයි.

එබැවින් එම ස්ටිකර් හා බැනර් වහාම ඉවත් කළ යුතු බව එම නිවේදනයේ සඳහන් ය.

එවැනි ස්ටිකර් හා බැනර් වාහනවල සවිකර ඇද්දැයි හදිසි පරීක්ෂා කිරිම් සිදුකරන ලෙසට නියෝජ්‍ය පොලිස්පතිවරු හා කොට්ඨාස භාර පොලිස් නිලධාරීන් වෙත උපදෙස් නිකුත් කර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසී ය.

නව අදහස දක්වන්න