හෙරොයින් සමග සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට | දිනමිණ

හෙරොයින් සමග සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට

ඊයේ (08) දින හුංගම පොලිසියට ලද තොරතුරක් මත හෙරොයින් සමග සැකකාරියන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
ඒ හුංගම පොලිස්‌ වසමේ බට අත ප්‍රදේශයේදී සහ නිදහස් ගම ප්‍රදේශයේදී හුංගම පොලිස්‌ ස්ථානයේ නිලධාරීන් සිදු කළ වැටලීමකට අනුවය.
සැකකාරියන්‌ තිදෙනා සන්තකයේ තිබී පිළිවෙලින්‌ හෙරොයින්‌ ග්‍රෑම්‌ 47 මිලිග්‍රෑම්‌ 05, හෙරොයින්‌ ග්‍රෑම්‌ 04 මිලිග්‍රෑම්‌ 490ක්‌, හෙරොයින්‌ ග්‍රෑම්‌ 01 මිලිග්‍රෑම්‌ 120ක්‌ සොයා ගෙන ඇති අතර, සැකකාරියන්‌ සන්තකයේ නිබී 91,111 පිස්තොලයට යොදන සජීවී පතරොම්‌ 02ක්‌, මැගසිනයක්‌, බෝට්ටු සමහ සම්බන්ධවන සැටලයිට්‌ දුරකථනයක්‌ සහ ජංගම දුරකථන 04ක් ද සොයා ගෙන ඇත.
අත්‌අඩංගුවට ගත්‌ සැකකාරියන්‌ අවුරුදු 32, 28, 33 වයස්වල පසුවන ඛට අත, නිදහස්ගම ප්‍රදේශවල පදිංචිකාරියන්‌ වෙයි.
සැකකාරියන්‌ අද (09) දින අඟුණුකොළපැලැස්ස ගරු මහේස්ත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන හුංගම පොලිසිය පවත්වාගෙන යනු ලබයි

නව අදහස දක්වන්න