රාජ්‍ය සේවක වැටුපට ජූලි සිට 2500ක් | දිනමිණ

රාජ්‍ය සේවක වැටුපට ජූලි සිට 2500ක්

ජයසිරි මුණසිංහ

රාජ්‍ය සේවකයන්ට ලබන ජූලි මස 01 වැනිදා සිට රුපියල් 2500/- ක මාසික අතුරු දීමනාවක් ලබාදීමට මෙවර අය වැය තුළින් මුදල් ඇමැති මංගල සමරවීර මහතා කළ යෝජනාව ක්‍රියාවට නැංවීමට අවශ්‍ය චක්‍රලේඛය රජය නිකුත් කොට තිබේ.

මහා භාණ්ඩාගාරයේ එකඟතාව මත රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කොට ඇත. රාජ්‍ය සේවකයන්ට රුපියල් 2500/-ක මාසික අතුරු දීමනාවක් ජූලි මස 01 වැනිදා සිට ගෙවනු ලැබේ. එසේ අතුරු දීමනාව ගෙවීමක් සිදු කළ ද දැනට රාජ්‍ය සේවකයන්ට ජීවන වියදම් දීමනා ලෙස ගෙවන රුපියල් 7800 දීමනාවද තවදුරටත් එලෙසම ක්‍රියාත්මක කරන බව මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි.

නව අදහස දක්වන්න