මුතුපන්තිය දූපතේ මුහුදු ඛාදනය වැළකීමට ගල් වැටියක් | දිනමිණ

මුතුපන්තිය දූපතේ මුහුදු ඛාදනය වැළකීමට ගල් වැටියක්

ඩබ්ලිව්.සී.බී.ප්‍රනාන්දු

උග්‍ර ‍ මුහුදු ඛාදනයට ලක්වෙමින් පවතින ආරච්චිකට්ටුවේ මුතුපන්තිය දූපත මුහුදු රකුසාගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ 75ක මුදලක් වැය කරමින් ගල්වැටි යෙදිම මේ දිනවල ක්‍රියාත්මක කර ඇත.

ධීවරකර්මාතයේ යෙදෙන ධීවර පවුල් 150ක් පමණ වෙසෙන මෙම දූපත දරුණු ලෙස මුහුදු ඛාදනයට ලක්වීමෙන් සිදුවෙන විනාශය පිළිබඳ ඉකුත් දිනවල ජනමාධ්‍යය මගින් පෙන්වාදිමේ ප්‍රතිඵලයක් වශයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළුගල් වැටි යොදා එම මුහුදු ඛාදනය වැළැක්වීමට මෙසේ පියවර ගෙන ඇත.

නොබෝදා ඇති වූ මුහුදු ඛාදනය හේතුවෙන් මුතුපන්තිය දූපතේ සිට උඩප්පුව දක්වා මාර්ගය ද මුහුදට සේදී විනාශවි ඇත. මිටර් 100ක් පමණ දුරට කලුගල් වැටියොදා මෙම මුහුදුකෑම වැළැක්වීමට

කටයුතු කරන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මීගමුව ප්‍රාදේශීය ඉංජිනේරු සුසන්ත පද්මසිරි මහතා පැවසීය.

නව අදහස දක්වන්න