පරිගණක බේරාගන්න ට්‍රම්ප්ගෙන් තහනමක් | දිනමිණ

පරිගණක බේරාගන්න ට්‍රම්ප්ගෙන් තහනමක්

විදේශීය විරුද්ධවාදීන්ගෙන් තම රටේ පරිගණක පද්ධති ආරක්ෂා කරගැනීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහනමක් පනවා තිබේ. මේ අනුව අමෙරිකානු සමාගම්වලට, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන විදේශීය සන්නිවේදන සමාගම්වල සේවය ලබාගැනීම තහනම් කෙරේ. මේ තහනමෙන් කිසියම් සමාගමක් නිශ්චිතව නම්කර නැතත් චීනයේ ප්‍රමුඛ සමාගමක් මේ ගැන සිය අදහස් දක්වා තිබේ. එම සමාගම පවසා ඇත්තේ අමෙරිකාවේ තම මෙහෙයුම් කටයුතුවලට බාධා කිරීමෙන් පීඩාවට පත්වන්නේ අමෙරිකානු පාරිභෝගිකයන් සහ අමෙරිකානු ව්‍යාපාරික ආයතන පමණක් බවයි. මේ චීන සමාගමේ නිෂ්පාදන ඔත්තු සෙවීමේ කටයුතුවලට යොදවන බවට අමෙරිකානු හිතවාදී තවත් රාජ්‍යයන් කිහිපයක්ද අදහස් පළ කර ඇතත් අදාළ සමාගම එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත.


නව අදහස දක්වන්න