රාජා ජුවෙලර්ස් වෙතින් මංගල නැකැත් සමයට නවතම මෝස්තර හා දීමනා | දිනමිණ

රාජා ජුවෙලර්ස් වෙතින් මංගල නැකැත් සමයට නවතම මෝස්තර හා දීමනා

නව අවුරුදු උදාවෙන් පසු එළැඹෙන මංගල නැකැත් සමයට නවතම මෝස්තරවල අගනා ස්වර්ණාභරණ රැසක් රන් ලොව කිරුළු පැළැඳි රාජා ජුවෙලර්ස් වෙතින් දැන් මිලදී ගත හැකිය. මංගල මාල රු. 70,000 සිටද මංගල ස්වර්ණාභරණ කට්ටල රු. 134,000 සිට ඉහළටද මිල දී ගත හැති අතර දියමන්ති මුදු, පෙන්ඩන්ට් හා මංගල දිනය රූපවාහිනියේ විකාශය කිරීම ඇතුළු විශේෂ දීමනා, ත්‍යාග හා වට්ටම් රැසක්ද රාජා ජුවෙලර්ස් වෙතින් පිරිනැමේ.

ජාත්‍යන්තර ප්‍රවණතා හා නවතම විලාසිතා අනුව කැරට් 22 රත්රන් සහ දියමන්ති වැඩ දැමූ ස්වර්ණාභරණ නිපදවන රාජා ජුවෙලර්ස් ඒවාට ජීවිත කාලයක වගකීමක් දෙමින් ශ්‍රී ලාංකීය මනාලියන් ආකර්ෂධෑය ලෙස හැඩ ගන්වන්නට දායක වෙයි. අලෙවියෙන් පසු සේවාවෙහි විශිෂ්ටත්වය සම්බන්ධයෙන් නම් දැරූ රාජා ජුවෙලර්ස් මංගල රන් ආභරණ මුලු වියදමින් සියයට 25ක් ඉතිරි කර දෙයි. මාස 60 දක්වා පොළීි රහිත ක්‍රෙඩිට් කාඞ් ගෙවීම් පහසුකම් සපයයි. රන්කම්වල මනා පළපුරුද්දක් ඇති 400කට අධික සේවක මණ්ඩලයක් පාරිභෝගික අවශ්‍යතාව ඉක්මවා යන දැකුම් කළු මෝස්තර නිර්මාණය කිරීම ලැබීම රාජා ජුවෙලර්ස්හි සුවිශේෂත්වයයි.

මැණික් හා ස්වරණාභරණ අධිකාරිය සංවිධානය කළ ජනාධිපති රාජ්‍ය සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම ස්වර්ණාභරණ නිෂ්පාදකයා, ඉහළම ප්‍රමිති මුද්‍රා තැබූ ස්වර්ණාභරණ ආයතනය, විශිෂ්ටම රන් ආභරණ නිර්මාණය සහ පළපුරුදුම මැණික් කැපීමේ ශිල්පියා සඳහා වන ජනාධිපති රන් සම්මාන සතරකින් රාජා ජුවලර්ස් පිදුම් ලැබීය. 1928දී කොළඹ චැතැම් වීදියේ ඊ.ඒ. ප්‍රනාන්දු මහතා ආරම්භ කළ ඊ.ඒ. ප්‍රනාන්දු ජුවෙලර්ස් සාර්ථක ගමනක යෙදුණු අතර 1962දී ඔහු පුත් රාජා ප්‍රනාන්දු මහතා තවත් පියවරක් ඉදිරියට තබමින් එය රාජා ජුවෙලර්ස් ලෙස නම් කළේය. ඉන් පසු රාජා ප්‍රනාන්දු මහතාගේ දරුවන් වන තුන්වැනි පරපුර නියෝජනය කරන අශෝක එලියපුර සහ අතුල එලියපුර රාජා ජුවෙලර්ස් සීමිත වගකිීම් සහිත සමාගමක් වශයෙන් ලියාපදිංචි කළහ.


නව අදහස දක්වන්න