පීපල්ස් ලීසිං හොරණ ශාඛාව නව පරිශ්‍රයකට | දිනමිණ

පීපල්ස් ලීසිං හොරණ ශාඛාව නව පරිශ්‍රයකට

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ හොරණ ශාඛාව, ගනුදෙනුකරුවන්ට වඩාත් සුවපහසු හා කඩිනම් මූල්‍ය සේවාවක් ලබාදීමේ අරමුණෙන් නව පරිශ‍්‍රයක (171-A, රත්නපුර පාර, හොරණ) එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබ්‍රි ඊබ‍්‍රහිම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා විවෘත කෙරුණි. හොරණ හා එය අවට ප‍්‍රදේශයේ පසුගිය කාලයේදී ඇතිවූ දියුණුව හා නව ව්‍යාපාරික අවස්ථා බිහිවීමත් සමඟම එම ශාඛාවේ ගනුදෙනුකරුවන්ගේ ප‍්‍රමාණය ඉහළ යෑම මත එම ශාඛාව වැඩි ඉඩකඩ හා පහසුකම් සහිත නව පරිශ‍්‍රයකට ගෙවැදීම සිදුවිය.

පීපල්ස් ලීිසිං හොරණ නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සංජීව බණ්ඩාරනායක, ප‍්‍රධාන කළමනාකාරිනි (මෙහෙයුම්) ප්‍රියංකා විමලසේන මහත්මිය හා හොරණ පීපල්ස් ලීිසිං ශාඛා කළමනාකරු, නුවන් තරංග මහතා ඇතුළු ගනුදෙනුකරුවන් රැසක් සහභාගී වූහ.

පීපල්ස් ලීසිං සමාගමේ හොරණ නව ශාඛා පරිශ‍්‍රය විවෘත කිරීමේ උත්සවය අමතමින් එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සංජීව බණ්ඩාරනායක මහතා පැවැසුවේ, ‘හොරණ ප‍්‍රදේශයේ ඇතිවූ ශීඝ‍්‍ර දියුණුව සමඟ නව ව්‍යාපාර හා නව ජීවනරටාවක් බිහිවීම හේතුවෙන් ඉස්මතුවන මූල්‍ය සේවා අවශ්‍යතා මේ වනවිට ඉහළ ගිහිං. තම විවිධාකාර මූල්‍ය අවශ්‍යතා සම්බන්ධයෙන් මේ ප‍්‍රදේශයේ ජනතාව පීපල්ස් ලීිසිං සමාගම කෙරෙහි වැඩි විශ්වාසය තැබීම ඉතා ශුභවාදී ආකල්පයක්. එම පදනම මත හොරණට නව ශාඛා පරිශ‍්‍රයක අවශ්‍යතාව අපට වැටහුණා.’ යන්නය.

 


නව අදහස දක්වන්න