මඩකලපුව දුම්රියට අලියා බිලි වෙයි | දිනමිණ

මඩකලපුව දුම්රියට අලියා බිලි වෙයි

මැදිරිගිරිය සමුහ ඩබ්ලිව්. ඒ. පියතිලක

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ විසූ වනඅලියකු මින්නේරිය බටුඔය ප්‍රදේශයේදී කොළඹ මඩකළපුව ශීඝ්‍රාගාමි දුම්රියේ ගැටී මියගොස් ඇතැයි වනජීවී නිලධාරීහු කියති. මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානය අතර අලි සංක්‍රමණය වන අලි මංකඩකදී, කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමි දුම්රියෙ මේ අලියා ගැටී ඇත.

ඊයේ (15) දින අලුයම දුම්රියේ ගැටි අසාද්‍ය තත්ත්වයෙන් සිටි වන අලියා පෙරවරු 8.00ට පමණ මියගිය බව ඒ පිළිබද සොයා බැලිමට පැමිණි වනජිවි නිලධාරිහු පැවැසුහ. මිය ගිය අලියා වයස අවුරුදු 10 - 15ක් පමණ අඩි 07ක් පමණ උසැති පිරිමි සතෙකු බවද වනජීවී නිලධාරීහු සඳහන් කළහ.


නව අදහස දක්වන්න