යාපනය පොන්නාලේ ගුවනේ දිස්වූයේ සරුංගලයක් | දිනමිණ

යාපනය පොන්නාලේ ගුවනේ දිස්වූයේ සරුංගලයක්

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

යාපනයේ පොන්නාලේ ප්‍රදේශයේ අහසෙහි සැක සහිත ගුවන් යානයක් පියාසර කරන බටට ලැබුණු තොරතුරක් මත ආරක්ෂක අංශ එම යානයට වෙඩිතබා බිම හෙළා තිබේ.පසුව කළ සෝදීසි කිරීමකදී දැන ගැනීමට ලැබී ඇත්තේ යාපනයේ පොන්නාලේ ප්‍රදේශයේ ළමුන් පිරිසක් හඩක් නැගෙන පරිදි හා ආලෝක සංඥා සහිතව නිපදවන ලද සරුංගලයක් යවා ඇති බවයි. මුලින්ම මේ සැක සහිත යානාව දැක ඇත්තේ යාපනයේ පොන්නාලේ ප්‍රදේශයේ සේවය කරණ නාවික හමුදාවේ පිරිසකි. මේ බව දැනුම් දීමත් සමගම ආරක්ෂක අංශ ඊට වෙඩි තබා ඇත.


නව අදහස දක්වන්න