දිරාගිය පයිනස් ගස ක්‍රීඩා පිටියෙන් ඉවත් කරමු ද ? | දිනමිණ

දිරාගිය පයිනස් ගස ක්‍රීඩා පිටියෙන් ඉවත් කරමු ද ?

නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණයේ එක් පිවිසුමක පිහිටි දිරාගොස් ඇති පයිනස් ගස අනතුරුදායක බව ක්‍රීඩාංගණය භාවිතා කරන පිරිස් පවසති.

විශාල උසකින් යුතු මේ ගස මේ වන විට සම්පූර්ණයෙන්ම දිරාපත්ව ඇති බවත් මේ ස්ථානය හරහා දිනකට විශාල පිරිසක් ගමන් කරනා බවද ඔවුහු පෙන්වා දෙති. එසේම ඔවුන් වැඩිදුරටත් පවසන්නේ පෝනින් පිට නැඟි දෙස් විදෙස් සංචාරකයන් මේ ගස යටින් නිතරම එහා මෙහා යන බවයි.

ඡායාරූපය - නුවරඑළිය සමූහ සී. මහගම 


නව අදහස දක්වන්න