කැකිරාවේ මාරක රිය අනතුරක් - 03ක් මරුට | දිනමිණ

කැකිරාවේ මාරක රිය අනතුරක් - 03ක් මරුට

කැකිරාව, මඩාටුගම ප්‍රදේශයේ දී වෑන් රථයක් ලොරියක ගැටීමෙන් තිදෙනෙක් මියගොස් තිබේ.
 
 අද(15) දහවල් 01.20ට පමණ මඩාටුගම ප්‍රදේශයේ දී දඹුල්ල දෙසට ධාවනය වූ වෑන්රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශවෙන් පැමිණි ලොරි රථයක් එකිනෙකට ගැටී මෙම අනතුර සිදුව තිබේ. 
 
එහිදී බරපතල තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 08දෙනෙක් සහ ලොරි රථයේ රියදුරු දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේ දී වෑන් රථයේ රියදුරු, ඔහුගේ දියණිය සහ ඔහුගේ බිරිඳගේ මව මිය ගොස් ඇත. 
 
තුවාලකරුවන් දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. 
 
දඹුල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි. 

නව අදහස දක්වන්න