ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් ගැන සැක ඇතිවීමට ඉඩ තබන්න එපා | දිනමිණ

ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් ගැන සැක ඇතිවීමට ඉඩ තබන්න එපා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර

ත්‍රස්තවාදයට එරෙහිව පොලිසිය හා ත්‍රිවිධ හමුදාව විසින් සිදුකරන මෙහෙයුම් සම්බන්ධයෙන් ජනතාවට සැක සංකා ඇතිවීමට ඉඩ නොතබන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.

මෙවැනි ත්‍රස්තවාදයක් හමුවේ විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හා විමර්ශන සිදුකිරීමට සිදුවන බවත් විවිධ පුද්ගලයන්ගේ බලපෑම් මත එම විමර්ශන අඩාල වීමට ඉඩ නොතබන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය‍.

පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට නිවැරදි ලෙස සිය රාජකාරිය ඉටුකිරීමට ඉඩ නොදෙන බවට මතවාදයක් සමාජ ගතවුවහොත් මේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ජනතාවට සැක සංකා ඇතිවිය හැකි බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.‍

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ පාස්කු ඉරිදා ඇතිවූ සිදුවීම් මාලාවත් සමඟ ඇතිවූ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඊයේ (10 ) පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයට අදහස් දක්වමිනි.

එහිදි වැඩිදුරටත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ මේ මොහොතේදී හටගෙන ඇති ත්‍රස්තවාදය පෙර පැවැති ත්‍රස්තවාදයට ‍වඩා වෙනස් ස්වරූපයක් ගන්නා බැවින් මෙය මර්දනය කිරීම සඳහා සාමාන්‍ය ජනතාවගේ දායකත්වය අත්‍යවශ්‍ය බවයි.

චන්දිමා කරුණාරත්න


නව අදහස දක්වන්න