කොච්චිකඩේ ප්‍රහාරය - සොයුරා ඇතුළු 03ක් අත්අඩංගුවට | දිනමිණ

කොච්චිකඩේ ප්‍රහාරය - සොයුරා ඇතුළු 03ක් අත්අඩංගුවට

කොටහේන - කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්ඩීන් අහමඩ් මුවාත් නමැති පුද්ගලයාගේ සොහොයුරා ඇතුළු 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් මේ මස 23 වනදා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

කොළඹ - කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කරුණු දක්වමින් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඔවුන් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය මත රදවාගෙන සිටින බවයි.

ඒ අනුව සැකකරුවන් මේ මස 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කලේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රදේශයේම පදිංචිකරුවන් බව ද සදහන්.


නව අදහස දක්වන්න