මධුෂ්ට එරෙහි චෝදනා ගැන වාර්තා කැදවයි | දිනමිණ

මධුෂ්ට එරෙහි චෝදනා ගැන වාර්තා කැදවයි

පැය 72ක රැදවුම් නියෝගයක් මත අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානවලින් එහි විමර්ශන වාර්තා මේ වන විට ලබා ගනිමින් සිටින අතර, එම කාලය හෙට දිනයෙන් අවසන් වීමට නියමිතයි.

ඒ අනුව ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කරනු ඇති.

මේ වන විට මාකඳුරේ මධුෂ්ට එල්ලවී ඇති අපරාධ චෝදනා අතුරෙන් බරපතල ගණයේ සිද්ධීන් විස්සක් වෙන් කර මූලික අදියරයේදී විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතියි.

මනුෂ්‍ය ඝාතන සහ ඊට අනුබලදීම් මෙන්ම ප්‍රබල ගණයේ කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ සිද්ධීන්ද මීට අදාළ වන බව ද පොලීසිය සඳහන් කළා.

එමෙන්ම, ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කෙරුණු පුද්ගලයින් 31 දෙනා පිළිබදව පරීක්ෂණ පැවැත්වීම සදහා පත් කළ සත්පුද්ගල කමිටුව ඉදිරියේදී රැස්වීමට නියමිතයි.

ඒ, පාතාල නායක මාකඳුරේ මධුෂ්ට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉදිරි විමර්ශන කටයුතු පිළිබදව සාකච්ඡා කිරීම සඳහායි.


නව අදහස දක්වන්න