ලොව රාජ්‍ය නායකයෝ ශ්‍රී ලංකාවට සොව පළ කරති | දිනමිණ

ලොව රාජ්‍ය නායකයෝ ශ්‍රී ලංකාවට සොව පළ කරති

  • සියලුදෙනාට හෘදයාංගම ශෝකය පළ කරනවා
  • බිහිසුණු ප්‍රහාරයක්

ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය බිහිසුණු ප්‍රහාරයක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ තමා බලවත් සේ කනගාටු වන බවත්, මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට තමාත්, අමෙරිකා එක්සත් ජනපද ජනතාවත් සූදානමින් සිටින බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

මේ අතර චීන රජය හා චීන ජනතාව වෙනුවෙනුත් පෞද්ගලික වශයෙනුත් දැඩි කනගාටු පළ කරමින් තුවාල ලැබුවන් සහ ජීවිතක්ෂයට පත් වූවන්ගේ ඥාතීන් වෙත තම හෘදයාංගම ශෝකය පළ කරන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි. චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං ද ශ්‍රී ලංකාව මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

ලොව පුරා රාජ්‍ය නායකයන් මෙන්ම ලොව පුරා ජනතාව ද මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් සිය ශෝකය ප්‍රකාශ කරන ලද අතර විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විපතට පත් වූවන් වෙනුවෙන් විවිධ සිහිපත් කිරීමේ වැඩසටහන් සංවිධාන කර තිබුණි.


නව අදහස දක්වන්න