කොච්චිකඩේ දෙව්මැදුර පිළිසකර කිරීමට කොළඹ නගර සභාවෙන් රු.මිලියන 25ක් | දිනමිණ

කොච්චිකඩේ දෙව්මැදුර පිළිසකර කිරීමට කොළඹ නගර සභාවෙන් රු.මිලියන 25ක්

සිතාරා සේනානි

බෝම්බ පිපිරීම හේතුවෙන් හානියට පත්ව ඇති කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කොළඹ නගර සභාවෙන් රුපියල් මිලියන 25ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

එසේම බෝම්බ පිපිරීම් හේතුවෙන් මියගිය හා තුවාල ලැබූ කොළඹ නගරයේ ජනතාව වෙනුවෙන් ශෝකය හා කනගාටුව පළ කර සිටින බවද නගරාධිපතිනිය සඳහන් කරයි.

කතෝලික දේවස්ථාන තුනක සිදුවූ පිපිරීම්වලින් සිදුවූ මරණ පිළිබඳ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් වෙත ශෝකය පළ කිරීම සඳහා අගරදගුරු නිල නිවෙස වෙත ඊයේ (22) පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නගරාධිපතිනිය මේ බව පැවසුවා ය.

ඡායාරූපය - සරත් පීරිස් 

නව අදහස දක්වන්න