පිපිරීම් සම්බන්ධ 27 ක් CID භාරයේ | දිනමිණ

පිපිරීම් සම්බන්ධ 27 ක් CID භාරයේ

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.

ඔහු සදහන් කලේ, අදාළ සැකකරුවන් මේ වන විට වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි.

මේ අතර එම පිපිරිම්වලට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ල නගරයේ ලැගුම් හලකදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, මේ වන විට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් ඇති බවයි.

එමෙන්ම  දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ තිබී ටී. 56 උණ්ඩ 152 ක් සොයා ගෙන තිබේ.

ගුවන් හමුදාව පැවසුවේ, ඒ සමග මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල පතොරම් කොපු 08 ක් ද සිය භාරයට ගත් බවයි.

මේ අතර ඒ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, පියෙකු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා එලෙස අත්අඩංගුවට ගත් බවයි.


නව අදහස දක්වන්න