දූෂණ චෝදනා යටතේ තමාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණෙන අවස්ථාවේ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයකු වන ඇලන් ගාර්ෂියා සියතින් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්වී තිබේ. ඔහු වහාම ලීමා නුවර පිහිටි රෝහල වෙත ඇතුළු කර ඇති අතර ඒ වන විටත් ගාර්ෂියා මියගොස් ඇති බව පේරු ජනාධිපති මාර්ටින් විස්කාරා තහවුරු කර තිබේ. ඔහුගේ ආධාරකරුවන් පිරිසක් රෝහල පිටත රැස්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර පොලිස් රැකවල් තරකර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ. බ්‍රසීල ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්රෙච් වෙතින් අල්ලස් ලබාගත් බවට ඔහුට චෝදනා නැඟුණු අතර ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණි. ගාර්ෂියා 1985 සිට 1990 දක්වා පේරු රාජ්‍යයේ ජනාධිපති ධූරය හෙබවූ අතර නැවතත් 2006 සිට 2011 දක්වා නැවත එම තනතුරට පත් විය.
නව අදහස දක්වන්න