කාලි කෝවිලේ වාලම්පුරි දෙක එර්දි වෙලා | දිනමිණ

කාලි කෝවිලේ වාලම්පුරි දෙක එර්දි වෙලා

මුන්නේශ්වරම සමුහ ඊ.සි.ප්‍රනාන්දු

මුන්නේශ්වරම සොහොන් කාලි කෝවිලේ තබා තිබූ මිල කළ නොහැකි වටිනාකමක් ඇති බව කියන වාලම්පුරි දෙකක් පෙරේදා (17) කෝවිලට රහසේ ඇතුළු වූ දෙදෙනකු සොරා ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලද බව හලාවත පොලිසිය කියයි.

මේ වාලම්පුරි දෙක වීදුරු පෙට්ටියක තැන්පත් කර දේවාලය තුළ තිබූ බවත් පෙරේදා (17) අලුයම 2ට පමණ රහසේ ඇතුළු වු දෙදෙනකු එම වාලම්පුරි දෙක සොරා ගෙන යනු කෝවිලේ තිබු සී.සී.ටී.වී. දර්ශන අනුව පැහැදිලිවු බවත් කියයි.

මෙම කෝවිලේ හිමිකරු ඉකුත් මාර්තු මස හෘදයාබාධයක් වැලඳී හදිසියේ මිය ගිය අතර පසුව කෝවිල වසා දමා තිබි මෙයට සතියකට පමණ කලින් බැතිමතුන්ට වැදුම් පිදුම් කිරීමට විවෘත කර තිබූ බවත් කියයි. සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් මේ දක්වා අත්අඩංගුවට ගෙන නැත. හලාවත පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

නව අදහස දක්වන්න