බස් අනතුරකින් ජර්මන් සංචාරකයින් 29ක් මරුට | දිනමිණ

බස් අනතුරකින් ජර්මන් සංචාරකයින් 29ක් මරුට

පෘතුගාලයේ මැඩෙයිරා දූපතේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් සිදුවූ අනතුරකින් ජර්මන් සංචාරකයින් 29 දෙනෙකු මියගොස් තිබේ.
 
අනතුර සිදුවන අවස්ථාවේදී 55 දෙනෙකු මෙම බස් රථයේ ගමන් කර ඇති අතර, ඉන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව බස්රථය පෙරළී ගොස් ඇති බවට විමර්ශනවලදී හෙළිව ඇත.
 
පෘතුගාල අගමැති ඇන්ටෝනියෝ කොස්ටා, ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කෙල් වෙත මෙම සිද්ධිය පිළිබඳ සිය ශෝකය පල කර තිබේ.
 

නව අදහස දක්වන්න