යුද හමුදාවෙන් මඩු මාතාවන්ට මහඟු සත්කාර | දිනමිණ

යුද හමුදාවෙන් මඩු මාතාවන්ට මහඟු සත්කාර

ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීම ආගමික සහජීවනය ඇති කරලීම සහ රට රකින ජාතිය වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය රට අභ්‍යන්තරයේ සහ අන්තර්ජාතිකව වර්ධනය කිරීමේ අරමුණින් මෙන්ම ‘එකට සිටිමු’ යන සංකල්පයට අනුකූල වන ලෙස, ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්ව ඇති ඓතිහාසික ‍මරද මඬු දේවස්ථානයේ පිවිසුම අභිමුව ඉතා අලංකාර මඩු මාතා දේව ප්‍රතිමාව තැන්පත් කරන ගෘහයක් ඉදිකර එහි මඩු දේව මාතාවගේ ප්‍රතිමාවක් තැන්ත් කිරීමේ කටයුතු ආසේමු (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් එම්.කේ.ඩි. පෙරේරා , ආර්. ඩබ්. පී. , ආර්.එස්.පී, වී. එස්. වී, එන්.ඩී.යු යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් පරිදි 61 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩී.ජී.ජේ. තිලකරත්න , ආර්.ඩබ්.පී, ආර්. එස්. පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මඟපෙන්වීම තුළින් 61 සේනාංකය හා යටතේ පාලනය වන බළසේනාවල භට පිරිස්වල ශ්‍රම දායකත්වයෙන් සිදුකර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එන්.යු.එම්.එම්. ඩබ්ලිව්. සේනානායක, ආර්. ඩබ්. පී, ආර්. එස්.පී , වී. එස්. වී, යු.එස්.ඒ, සී.ජී.එස්.සී විසින් අප්‍රේල් මස 11 වන දින විවෘත කරන ලදී.

ඉහත සඳහන් කළ මඩු මාතා දේව ප්‍රතිමාව තැන්පත් කරන ගෘහය අභ්‍යන්තරයේ කතෝලික ආගමට අනුකූල වන ලෙස ආගමික භක්තිය ඇති වන පරිදි නිර්මාණය කරන ලද අතර පසුගිය 11 දින යුද්ධ හමුදාධිපතිතුමාගේ හා මන්නාරම් රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඉතා අලංකාරවත් පෙරහරකින් මඩු දේව මාතාවන්ගේ පිළිරුව මඩු දේවස්ථානය වෙත වැඩම කරන ලදී. මේ සඳහා වන්නි ආඥාපති 61 සේනාංකයේ සේනාංකාධිපති ඇතුළුව අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගි වූහ. මඩු මාතාවන්ගේ දේව ප්‍රතිමාව දේවස්ථානයේ තැන්පත්කර යුද්ධ හමුදාධිපතිතුමා ඇතුළු සමස්ථ යුද්ධ හමුදාවට ආශිර්වාද පිළිගන්වමින් දිව්‍ය පූජාව මන්නාරම් රදගුරු හිමිපාණන් විසින් පවත්වන ලදී.

ඉන්පසු දේවස්ථානයේ සිට මඩු මාතාවන්ගේ දේව ප්‍රතිමාව නැවත කිතුනු බැතිමතුන් සිවිල් ජනතාවද සමග පෙරහරකින් දේවස්ථානයේ සිට ගෘහය වෙත ගමන්කර දේවස්ථානය භාර පියතුමන්ගේ හා රදගුරු හිමිපාණන්ගේ ආශිර්වාදය මැද මඩු මාතා දේව ප්‍රතිමාව යුද්ධ හමුදාධිපති තුමා විසින් ගෘහයේ තැන්පත් කරන ලදී.

ඉන් අනතුරුව දේවස්ථානයේ ඉදිරිපිට භූමියේ යුද්ධ හමුදාධිපතිතුමා හා මන්නාරම් රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහනට සමගාමීව වන්නි ආඥාපතිගේ උපදෙස් පරිදි 61 සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ මී පැළ 45000ක් සිටුවීමේ ව්‍යාපෘතිය වන වන්නි බලප්‍රදේශයේ රණවිරු හරිත අරණ රුක් රෝපණ වැඩසටහන ආරම්භය සනිටුහන් කරමින් ‍මරද මඩු දේවස්ථාන භූමියේදී රෝපණය කරන ලදී.

පසුව දේවස්ථාන නිවස්නයේ යුද්ධ හමුදාපතිතුමා විසින් මන්නාරම් රදගුරු හිමිපාණන් අනෙකුත් දේව ප්‍රසාදීන් හා කන්‍යා සොහොයුරියන් වෙත දිවා ආහාරය පිළිගන්වන ලද අතර, දිවා ආහාරයෙන් පසුව රදගුරු හිමිපාණන් ඇතුළු අනෙකුත් පූජා ප්‍රසාදීන් වහන්සේලාට හා කන්‍යා සොහොයුරියන් හට පරිත්‍යාගයක්ද සිදු කරන ලද අතර මන්නාරම් අගරදගුරු තුමන් හට දේවස්ථානයේ අභිවෘද්ධිය සඳහා රුපියල් ලක්ෂ පහක් ද මඩු දේවස්ථානයේ අභිවෘද්ධිය සඳහා ද රුපියල් ලක්ෂ පහක් වශයෙන් පිරි නැමිණි.

මෙම මහඟු කර්තව්‍යය සමස්ථ යුද්ධ හමුදාව සහ ද්‍රවිඩ / සිංහල, කතෝලික ජනතාව අතර අන්‍යෝන්‍ය විශ්වාසය අවබෝධය දියුණු කරලීමට යුද්ධ හමුදාව විසින් සිදුකළ උදාරතර කාර්යයක් වේ.


නව අදහස දක්වන්න