මන්දාකිණියක ඇති කළු කුහරයක් පළමුවරට කැමරාවකට | දිනමිණ

මන්දාකිණියක ඇති කළු කුහරයක් පළමුවරට කැමරාවකට

මන්දාකිණියක පිහිටි කළු කුහරයක ඡායාරූපයක් පළමු වරට කැමරාවක සටහන් කර ගැනීමට තාරකා විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබේ. එහි විෂ්කම්භය කිලෝමීටර් බිලියන 40ක් පමණ වන අතර පෘථිවිය මෙන් මිලියන තුන් ගුණයක විශාලත්වයෙන් යුක්ත වේ. විද්‍යාඥයන් එය හඳුන්වන්නේ 'රාක්ෂයෙකු' ලෙසය. කිලෝමීටර් ට්‍රිලියන මිලියන 500ක් තරම් දුරින් පිහිටි එම කළු කුහරය ඡායාරූපයට හසුකරගෙන ඇත්තේ ලෝකයේ ස්ථාන කිහිපයක රැඳවූ දුරේක්ෂ 8ක කැමරා ජාලයක් ආධාරයෙනි. මේ සම්බන්ධව තොරතුරු 'Astrophysical Journal Letters' හි පළ කර තිබේ. කළු කුහරය ඡායාරූපයට නගා ඇත්තේ 'Event Horizon Telescope' (EHT) නමැති දුරේක්ෂ 8ක ජාලයක් මඟිනි.

අත්හදා බැලීම යෝජනා කළ නෙදර්ලන්තයේ රැඩ්බවුඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හෙයිනෝ ෆැල්කේ බීබීසී පුවත් සේවයට පැවසුවේ එම් 87 නමැති මන්දාකිණියෙන් එම කළු කුහරය ‍සොයා ගැනුණු බවයි.


නව අදහස දක්වන්න