දෝනිට දඩ | දිනමිණ

දෝනිට දඩ

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙරේදා පැවැති රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සමග තරගයේදී ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිට තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක් නියම වී තිබේ.

චෙන්නායි ඉනිමේ අවසන් ඕවරයේදී බෙන් ස්ටොක්ස් යැවු පන්දුවක් පිළිබඳ විනිසුරුවකු දුන් තීරණයක් සම්බන්ධයෙන් ඊට පෙර පන්දුවෙන් දැවී ගිය දෝනි යළිත් පිටිය මැදට පැමිණ විනිසුරුවන් සමග සාකච්ඡා කළ අතර එහිදී දෝනි ක්‍රියාකළ ආකාරය පිළිබඳ ඔහුට චෝදනා එල්ල වී ඇත.

පිටියේ එක් අන්තයක සිටි විනිසුරු එය නිපන්දුවක් ලෙස ප්‍රකාශ කළත් යළිත් තීරණය වෙනස් කර ඇති බවට දෝනි ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ ආචාර් ධර්ම උඋල්ලංඝනය වන ලෙස හැසිරීම හේතුවෙන් දෝනිට මේ දඩ මුදල නියමකර ඇත.


නව අදහස දක්වන්න