අක්මීමන වෙළෙඳසල් කිහිපයක් ගින්නෙන් වැනසෙයි | දිනමිණ

අක්මීමන වෙළෙඳසල් කිහිපයක් ගින්නෙන් වැනසෙයි

අක්මීමන පොලිස් බල ප්‍රදේශයේ කුරුඳුවත්ත මංසන්ධියේ තිබූ වෙළෙඳසල් කිහිපයක් සමඟ දෙමහල් ගොඩනැඟිල්ල ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

මෙම වෙළෙඳසල පාසල් උපකරණ, සන්නිවේදන ආයතනයක්, මුද්‍රණ ආයතනයක්, රබර් සෙරෙප්පු නිෂ්පාදන ඒකකයක් මෙම ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති අතර මෙහි තිබූ යන්ත්‍ර සූත්‍රද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. ගොඩනැඟිල්ලේ ඉහළ මාලයේ පදිංචිව සිටි වෙළෙඳසල් හිමියාගේ නිවෙසේ ගෘහ භාණ්ඩද ගින්නට හසුවී පිළිස්සී ගොස් ඇත. වෙළෙඳසල්වල තිබූ සියලු දෑ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවසේ ගෘහ භාණ්ඩ ඇති උපකරණද එලෙසින්ම විනාශ වී ගොස් ඇත. විදුලි කාන්දුවකින් සිදු වූ ගිනි ගැනීමක් ලෙසට සැක පහළ කරන අතර සිදු වූ අලාභය මෙතෙක් ගණන් බලා නැත. අක්මීමන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

දකුණු පළාත් සංචාරක එස් දියගහගේ අක්මීමන විශේෂ සුනිල් ගමගේ හිනිඳුම විශේෂ, ඉමදුව සමූහ


නව අදහස දක්වන්න