කොස් අත්තක් හිසේ වැදී සිසුවා මරුට | දිනමිණ

කොස් අත්තක් හිසේ වැදී සිසුවා මරුට

ගලේවෙල මධ්‍යම සමූහ පී.ජී. ගුණතිලක

දිරූ කොස් අත්තක් මතට මහෝගනී ගසක් වැටී කොස් අත්තේ කැබැල්ලක් කැඩී විසි වී හිස වැදීමෙන් පාසල් සිසුවෙක් මිය ගිය බව පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මාදිපොළ රෝහල පාර පදිංචි බී.එම්.ඉෂාන් චමිල්ක බස්නායක (20) නැමැති සිසුවෙකි. අසල නිවෙසකට අවහිර වී තිබූ මහෝගනී ගසක් කම්කරුවන් විසින් කපද්දී ඒ අසල රැදී සිටි මේ සිසුවා මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇති බව වාර්තා වේ. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ සිසූවා මාතලේ මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ගලේවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 


නව අදහස දක්වන්න