ලක්ෂ දෙකක හෙරෙ‍ායින් සමඟ කතක් දැලේ | දිනමිණ

ලක්ෂ දෙකක හෙරෙ‍ායින් සමඟ කතක් දැලේ

රුපියල් දෙලක්ෂ දස දහසක් පමණ වටිනා හෙරොයින් පැකට් 208ක් සමඟ විසි නම හැවිරිදි කාන්තාවක් සීනිගම නිවාස සංකීර්ණයේ නිවසක් තුළ සිටියදී අත් අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය පවසයි.

මේ හෙරොයින් එක පැකට්ටුවක් රුපියල් දහසකට අලෙවි කරන බව ඇය පොලිසියට පවසා තිබේ. සිය සැමියාගෙන් වෙන්ව සිටින මේ කාන්තාව මෙයට පෙර ද හෙරොයින් ළඟ තබා ගෙන සිට පොලීසියට කොටුවීමෙන් පසු අධිකරණ නියෝගයක් මත රක්ෂිත බන්ධාගාර ගතව සිට මෑතකදී ඇප මත මුදා හැර ඇති තැනැත්තියක් බවද පොලීසිය සදහන් කළේය. එමෙන්ම ඇයද මත්කුඩුවලට ඇබ්බැහි වී තිබෙන බවට පොලීසියට කරුණු අනාවාරණය වී ඇති බවත් පොලීසිය පැවසුවේය. මේ කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කොට රැදවීමේ නියෝගයක් ලබා ගැනීමට පොලීසිය කටයුතු කරන බවද පොලීසිය පැවසුවේය. මීටියාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුව මේ වැටලීම සිදු කොට හෙරොයින් සමඟ සැකකාරිය අත් අඩංගුවට ගනු ලැබුවේ මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.ටී.එම්.තුෂාර, පොලිස් පරීත්ෂක ලෙව්ලියැද්ද, පොලිස් සැරයන් මෙන්ඩිස් ( 1805) කාන්තා පොලිස් කොස්තාපල් ලක්මාලි සහ පොලිස් රියැදුරු නාමල් (80752) යන පොලිස් කණ්ඩායම විසිනි.

අම්බලන්ගොඩ සමූහ
කරන්දෙණිය සමූහ


නව අදහස දක්වන්න