ඉසුරු උදාන උඩ එයි | දිනමිණ

ඉසුරු උදාන උඩ එයි

නිමාවට පත්වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට ඒමට සමත්ව තිබේ.

එම තරගාවලියේ පිත්තෙන් දස්කම් දැක්වූ ඔහු ශ්‍රේණිගත කිරීම්වලින් ස්ථාන 106ක් ඉදිරියට එමින් 144 වැනි තැනට පත්ව ඇති අතර පන්දු යැවීමේ ස්ථාන 12ක් ඉදිරියට පැමිණ තිබෙන්නේ 51 වැනි ස්ථානය අත්කර ගනිමිනි.

නිරෝෂන් දික්වැල්ල ස්ථාන 19ක් ඉදිරියට එමින් 78 වැනි තැන පසුවන අතර විස්සයි20 නායක ලසිත් මාලිංග පන්දු යවන්නන් අතරේ 42 වැනි තැනට පත්ව ඇත්තේ ස්ථාන 11ක් ඉදිරියට එමිනි.

ශ්‍රී ලංකාව 3-0කින් පරාජය කිරීමේ දකුණු අප්‍රිකානු පිතිකරණ බළඇණිය ශක්තිමත් කළ රීසා හෙන්ඩ්‍රික්ස් ස්ථාන 26ක් ඉදිරියට එමින් මුල් වරට 15 වැනි තැන අත්කරගෙන ඇති අතර පන්දුවෙන් ශ්‍රී ලංකා පිලට තර්ජනයක් එල්ල කළ ඇන්ඩිල් පෙලුක්වායෝ හොඳම පන්දු යවන්නන් අතරේ 10 තැනට පත්ව තිබේ. තරගාවලිය ආරම්භයේදී 24 වැනි ස්ථානයේ පසුවූ ඔහු ස්ථාන 14ක් ඉදිරියට පැමිණ ඇත.

අකිල ධනංජය (2), ජේ.පී.ඩුමිනි ද (7) ද සිය ස්ථාන වලින් ඉදිරියට පැමිණීමට සමත්ව සිටිති.


නව අදහස දක්වන්න