ඩී.එස්.-මහ­ානාම රන් සටන 29-30 සරා ඕවල් පිටියේදී | දිනමිණ

ඩී.එස්.-මහ­ානාම රන් සටන 29-30 සරා ඕවල් පිටියේදී

ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නායක පසිඳු ආදිත්‍ය හා මහනාම විද්‍යාලයේ නායක පැතුම් බොතේජු රන් සටනේ කුසලානය අතැතිව

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 13 වැනි රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම මේ මස 29 සහ 30 දෙදින පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මීට සමගාමීව දෙපිල අතර අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය සඳහා වන එක්දින තරගය ලබන මස 6 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සිවුවැනි වසරේ වර්ණලාභියකු වන පසිඳු ආදිත්‍යගේ නායකත්වයෙන් ඩී.එස්. සේනානායක විද්‍යාලය පිටියට පිවිසෙන අතර සිවුවැනි වසර වර්ණලාභියකු වන පැතුම් බොතේජුගේ නායකත්වයෙන් මහානාම විද්‍යාලය පිටියට පිවිසෙයි.

ඩී.එස්. සේනානායක විද්‍යාලය පසුගිය පාසල් ක්‍රිකට් කාර්තුවේදී තරග 5කින් ජයගෙන ඇති අතර මහානාම විද්‍යාලය තරග තරග දෙකකින් ජයගෙන ඇත. මහානාම විද්‍යාලය නියෝජනය කරමින් සොනාල් ගමගේ හා පවන් රත්නායක මෙවර තරගයට එක්වන අතර ඩී.එස්. සේනානායක විද්‍යාලය නියෝජනය කරමින් මුදිත ලක්ෂාන් එක්ව සිටී. මේ ක්‍රීඩකයන් තිදෙනාම අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් වීම විශේෂත්වයකි.

මෙතෙක් පැවැති තරග 12 අතුරින් ඩී.එස්. පිල ජයග්‍රහණක් වාර්තා කර ඇති අතර අනෙක් තරග සියල්ල ජය පරාජයෙන් තොරව නිමාවී තිබේ.

13 වැනි රන් සටනේ ප්‍රධාන අනුග්‍රහකයා ලෙස ප්‍රීමා කොත්මී කටයුතු කරන අතර ඩයලොග් ආසියාටා සමාගම සහ දම්රෝ ගෘහ උපකරන නිෂ්පාදන සමාගම සම අනුග්‍රහකයන් ලෙස කටයුතු කරයි.



නව අදහස දක්වන්න