32MP සෙල්ෆි චැම්පියන් HUAWEI P30 Lite මෙරටට | දිනමිණ

32MP සෙල්ෆි චැම්පියන් HUAWEI P30 Lite මෙරටට

HUAWEI පවුලට එක් වූ නවත ම සාමාජිකයා වන HUAWEI P30 Lite ස්මාර්ට් ජංගම දුරකථනය පසුගිය දා මෙරට Huawei පාරිභෝගික විසඳුම් නවෝත්පාදන සහ ඒකාබද්ධ අත්දැකීම් මධ්‍යස්ථානයේදී නිල වශයෙන් මාධ්‍ය හමුවේ හඳුන්වා දෙන ලදි.

අසමසම දැකුම්කලු නිමාවෙන් යුතු මේ ස්මාර්ට් ජංගම දුරකථනය Peacock blue, midnight black සහ pearl white යන වර්ණවලින් මිලදී ගත හැකිය. Huawei නවෝත්පාදන විශේෂාංග වන FullView දර්ශන තිරය සහ දැකුම්කලු DewDrop නිමාව ද මේ දුරකථනය සතුය. කැමරා ත්‍රිත්ත්වයකින් යුතු P30 Lite ජංගම දුරකථනය Huawei සමාගමේ ‘See More, See Further’ සංකල්පය අනුව සකස් කර ඇත. එහි ප්‍රධාන කැමරාව 24MP වන අතර, Ultra Wide Angle කැමරාව 8MP ද, Bokeh කැමරාව 2MP ද වේ. මෙහි ඇති Hybrid Zoom පහසුකම නිසා තුන් ගුණයක Zooming අත්දැකීමක් හිමිකර ගත හැකිය.

තවද, 32MP ඉදිරිපස කැමරාව නිසා 3D Beautification පහසුකමින් යුතුව පෙර අත්නොවිඳි සෙල්ෆි අත්දැකීමක් හිමිකර ගැනීමට ද පාරිභෝගිකයන්ට හැකිය.

මෙම ජංගම දුරකථනය හඳුන්වාදීම පිළිබඳ අදහස් පළ කරමින් Huawei සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා සඳහන් කළේ, මෙරට අංක 1 ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය ලෙස Huawei සමාගමේ උපාංග අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති බවය. නවතම Huawei P30 Lite ජංගම දුරකථනය පාරිභෝගිකයන් හට උපරිම ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් හිමිකර දෙමින් අසමසම බැටරි කාලයකින් සහ ජවසම්පන්න කැමරාවකින් ද සමන්විත වී ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


නව අදහස දක්වන්න