’Architect 2019’ 2019’ හිදී ලංකාටයිල්ස් වෙත ජයග්‍රහණ | දිනමිණ

’Architect 2019’ 2019’ හිදී ලංකාටයිල්ස් වෙත ජයග්‍රහණ

ශ්‍රී ලංකාවේ ටයිල් කර්මාන්තයේ ප්‍රමුඛයා ලංකාටයිල්ස් බව තහවුරු කරමින්, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය විසින් පසුගිය දා සංවිධාන කෙරුණු වාර්ෂික වාස්තු විද්‍යා නිර්මාණ සහ වෙළෙඳ ප්‍රදර්ශනය, ’Architect 2019’ 2019’ හිදී දේශීය නිෂ්පාදන ප්‍රදර්ශනය කළ විශිෂ්ටතම වෙළෙඳ කුටිය වශයෙන් ලංකාටයිල්ස් පීඑල්සී ගෞරවයට පාත්‍ර විය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාස්තු විද්‍යා ප්‍රදර්ශනය වන මෙය මෙවර පැවැත්වුණේ 37 වැනි වරටය. ’Architect 2019’ 2019’ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණේ සමාගම් 147ක සහභාගිත්වයෙනි. වෙළෙඳ කුටි 257කින් සහ නිර්මාණ පුවරු 124කින් එය සමන්විත විය.

ෆ්ලෝටයිල් සහ වෝල්ටයිල් සඳහා නවතම මෝස්තර, සනීපාරක්ෂක භාණ්ඩ, ජලකරාම, ඇලුමිනියම් දොර ජනෙල් ඇතුළු නිෂ්පාදන මාලාවක් මෙවර ලංකාටයිල්ස් කුටියේ ප්‍රදර්ශනය කෙරිණි. නිවෙසක අභ්‍යන්තර ස්වරූපය සිහිගන්වන අයුරින් කුටිය නිමවා තිබූ අතර, එය නරඹන්නන් බොහෝ දෙනාගේ අවධානය දිනාගත් සුන්දර ආකෘතියක් විය.


නව අදහස දක්වන්න