HNBA සහ HNBGI වෙතින් කාන්තාවන්ට උපහාර | දිනමිණ

HNBA සහ HNBGI වෙතින් කාන්තාවන්ට උපහාර

ස්ත්‍රීත්වයේ අසිරිමත් ජීවගුණය සමරමින් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ දී බලගැන් වූ කාන්තාවන්ට උපහාරය පුද කරමින් HNB ඇෂුවරන්ස් PLC (HNBA) සහ එහි පූර්ණ පරිපාලිත සමාගමක් වන HNB ‍ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) අඛණ්ඩව හත්වැනි වරටත් තම ‘ලිය හරසර’ වැඩසටහන දියත් කරයි. මෙය මාර්තු සහ අප්‍රේල් යන මාස පුරාම බලගැන්වෙන අතර, කාන්තාවන් විසින් ලබා ගන්නා සෑම ජීවිත සහ මෝටර් රක්ෂණ ඔප්පුවකටම විශේෂ වූ ප්‍රතිලාභ මාලාවක් ලබා දෙයි.

‘ලිය හරසර’ හි හත්වැනි දිගහැරුම සඳහා තම අදහස් ඉදිරිපත් කරමින් HNBA හි ප්‍රධාන‍ මෙහෙයුම් නිලධාරි ප්‍රසන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළ පරිදි ‘අප සමාජය තුළ සුවිශේෂී භූමිකාවක් ඉටු කරන කාන්තාවන් ස්වාධීනත්වය, ආත්ම විශ්වාසය පිළිබිඹු කරමින් විශිෂ්ට නායකයන්, ව්‍යවසායකයන් සහ සමාන ලෙස මුදල් උපයන්නන් ලෙස සමාජය තුළ වඩා වැදගත් ස්ථානයක් ලබා ගෙන සිටිති. ලිය හරසර යනු රට පුරා සිටින කාන්තාවන්ගේ මේ අසිරිමත් ජීව ගුණය වෙත අප විසින් පිදෙන උපහාරය සහ ඇගයීමයි’.

මේ ප්‍රයත්නය පිළිබඳ තම අදහස් දක්වමින් HNBA හි ප්‍රධාන ව්‍යාපාර නිලධාරි අයිවන් නිකලස් මහතා පවසන පරිදි ලිය හරසර යනු HNBA සහ HNBGI සහ වෙනත් ප්‍රමුඛ පෙළේ ආයතන වන සිංගර් ප්ලස්, විෂන් කෙයාර්, ඩර්ඩන්ස් ‍රෝහල සහ ෆැෂන් බග් යන ආයතනයන්ගෙන් ලැබෙන අද්විතීය ප්‍රතිලාභ මාලාවක සහ විශේෂ දීමනාවන් මාලාවක ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය. ලිය හරසර තුළින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ කථා කළ අයිවන් නිකල‍ස් මහතා ප්‍රකාශ කළ පරිදි ‘ලිය හරසර’ මගින් සෑම කාන්තාවකටම ඔවුන් ලබා ගන්නා සෑම ජීවිත රක්ෂණයක් සමඟම රුපියල් මිලියනයක් වටිනා අමතර ජීවිත රක්ෂණ ආවරණයක් ලැබේ.

ඊට අමතරව ලිය හරසර වෙතින් කාන්තාවන්ට නොමිලේ රු. 500,000/- ක් දක්වා හදිසි අනතුරු ආවරණයක් HNBGI වෙතින් ලබා ගන්නා සෑම මෝටර් රක්ෂණයකටම ලබා දෙනු ඇත. එසේම අප සමාගම තවත් ප්‍රමුඛ පෙළේ ආයතන සමඟ සහයෝගිතාවෙන් සෑම ලිය හරසර රක්ෂණ ඔප්පුවකටම විශේෂ වට්ටමක් ලබා දෙයි. මේ කාන්තාවන්ට දිවයින පුරා තිබෙන සිංගර් ප්ලස් ප්‍රදර්ශනාගාරවලින් ජංගම දුරකථන සඳහා 5% වට්ටමක්, මිලදී ගන්නා වෙනත් භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ දිවයින පුරා තිබෙන විෂන් කෙයාර් ප්‍රදර්ශනාගාරවලින් ලබා ගන්නා ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි සඳහා 15% ක වට්ටමක් සහ දිවයින පුරා තිබෙන ෆැෂන් බග් ප්‍රදර්ශනාගාර වලින් 15% ක වට්ටමක් සහ ඩර්ඩන්ස් රෝහලෙන් විශේෂ වට්ටම් යෝජනා ක්‍රමයක් ලබා ගත හැකිය.

 


නව අදහස දක්වන්න